IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


යුක්රේන ගුවන් ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට

යුක්රේන ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉරානය පවසයි.ප්‍රහාරය හෙළාදකිමින් සිව්වැනි දිනටත් පැවැත්වෙන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හමුවේ ඉරානය මේ බව සඳහන් කර ඇත.

ස්වාධීන වාර්තාකරණයකට බාධාවන සීමාකිරීම් හේතුවෙන් උද්ඝෝෂණවල පවතින සැබෑ තත්ත්වය තක්සේරු කිරීම අපහසු වී තිබේ.
සරසවි සිසුන් මෙම උද්ඝෝෂණවල පෙරමුණ ගෙන සිටින අතර ඇතැම් උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී ලෙස මර්දනය කරන බවට ද  සාක්ෂි ලැබී ඇත.

උද්ඝෝෂකයින්ට බැටන් පොලු ප්‍රහාර එල්ල කර ඇති බවට හා උද්ඝෝෂණ අතරතුර වෙඩි හඬවල් ඇසුණ බවට වාර්තා වුවත් වෙඩිතැබූ බව පොලිසිය එය ප්‍රතික්ෂේප කරයි.

උද්ඝෝෂකයින් ඛසෙම් සොලෙයිමානිගේ ඡායාරූපවලට ගිනි තබමින් ටෙහෙරාන් ඇතුළු අනෙකුත් නගරවල රාත්‍රිය පුරා ද එක්වී සිටින අයුරු දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යවලට මුදාහැර තිබේ.

ඉරාන ප්‍රහාරයකින් සිදුවූ යුක්රේන ගුවන් යානා අනතුරෙන් මියගිය මගීන් 176 දෙනා අතරින් බහුතරයක් ඉරාන පුරවැසියෝ වෙති.

-226-

(රොයිටර් ඇසුරෙනි)

 



අදහස් (0)

යුක්රේන ගුවන් ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 22 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 703 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site