IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මෙක්සිකෝවේ ගිනිකෙළි කර්මාන්ත ශාලාවක පිපිරීමකින් 24ක් මරුට

මෙක්සිකෝවේ මෙක්සිකෝ නගරයට කිලෝමීටර් 30ක් දුරින් පිහිටි ටුල්ටෙපෙක් නගරයේ ගිනිකෙළි කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමකින් 24දෙනකු මියගොස් 40දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

එක දිගට පිපිරීම් කිහිපයක් සිදුව ඇති බවත් පොලිසිය සමග ගිනි නිවන භටයන් පැමිණෙන අවස්ථාවේ විශාලම පිපිරීම සිදුවූ බවත් පැවසේ. මියගිය අය අතර ගිනිනිවන සේවකයන් ද සිටින බව පොලිසිය පවසයි. අවම වශයෙන් වැඩ බිම් හතරක් පමණ විනාශ වී ඇතැයි ද පොලිසිය පවසයි.

මෙක්සිකෝවේ වාර්ෂික ගිණිකෙළි  සන්දර්ශණය ටුලාටෙපෙක් නගරයේ පවත්වයි.

මෙක්සිකෝවේ ගිනිකෙළි සම්බන්ද අනතුරු බහුලව සිදුවන අතර  2016 වර්ෂයේ සිදුවූ මෙවැනිම පිපිරුමකින් 40කට වැඩි පිරිසක් මියගියහ.

 

(බීබීසි ඇසුරිණි - 085)



අදහස් (0)

මෙක්සිකෝවේ ගිනිකෙළි කර්මාන්ත ශාලාවක පිපිරීමකින් 24ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site