IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මියන්මාරයේ පාසලකට එල්ල කළ ප්‍රහාරයකින් ළමුන් 19 ක් රෝහලේ

මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලකට එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් ළමුන්19දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

බුතිඩාන් නගරයේ ඛම්වේ චෞං ගම්මානයේ පාසලකට මෙලෙස ප්‍රහාර එල්ලවී ඇති අතර තුවාල ලැබූ අයගෙන් එක් අයෙකු බරපතල තත්ත්වයේ පසුවන බව සඳහන් වේ.

තම හමුදාවට කාලතුවක්කු නොමැති බවත් ප්‍රහාරය එල්ල කළේ තමන් විසින් නොවන බවත් ප්‍රදේශයේ ක්‍රියාත්මක අරකන් හමුදාවේ ප්‍රකාශකයකු පවසා ඇත.

රජයේ හමුදා විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි. 

බහුතරය බෞද්ධ වන අරකන් හමුදාව මියන්මාරයේ බටහිර කළාපය සඳහා ස්වංපාලන අයිතින් ඉල්ලා සිටිමින් මධ්‍යම රජය සමග සටන් කරයි.

පසුගිය දින කිහිපය තුළ රඛයින් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩත්වය වැඩිවීම හේතුවෙන් ජනතාව වඩාත් දුක්ඛිත තත්ත්වයට පත්වී ඇති බව මියන්මාරයේ බ්‍රිතාන්‍ය තානාපති ඩෑන් චුග් පැවසීය.

සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා උපරිම උත්සාහයක් ගන්නා ලෙසත් අන්තර්ජාල සීමා ඉවත් කරන ලෙසත් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය මියන්මාර රජයෙන් ඉල්ලා තිබේ.

 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

මියන්මාරයේ පාසලකට එල්ල කළ ප්‍රහාරයකින් ළමුන් 19 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site