සෞරග්‍රහ මණ්ඩලයට ඉතා දුරින් පිහිටි මන්දාකිණියකින් විහිදුන ගුප්ත සංඥා කිහිපයක් කැනඩාවේ දුරේක්ෂයක සටහන් වී ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති.
මෙම සංඥා නැවත නැවතත් විහිදී ඇති අතර එවැනි තරංග 13ක් හඳුනාගෙන ඇත.
කැනඩාවේ බිටිෂ් කොලොම්බියාහි පිහිටි චයිම් නැමැති දුරේක්ෂයේ සටහන් වී ඇති මෙම දත්ත සම්බන්ධව තාරකා විද්‍යාඥයෝ පර්යේෂණ ආරම්භ කර ඇත.
කෙසේ වුවද මෙම තරංග වල ස්වභාවය හෝ එය ඇතිවූ ආකාරය පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
මීට පෙර මෙවැනි තරංග හඳුනාගෙන ඇති නමුත් ඒවා නිකුත් වී ඇත්තේ එක් වරක් පමණක් බවද මෙලෙස නැවත නැවතත් විහිදීම අසාමාන්‍ය සිද්ධියක් බවද විද්‍යාඥයෝ සඳහන් කරති.
එවැනි සංඥා වලට හේතු විය හැකි නියමයන් කිහිපයක් පවතින බව විද්‍යාඥයෝ පවසති.
ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක ස්පන්දනය වන නියුට්‍රෝන තාරකාවක් හෙවත් මියගිය තරුවකින් මෙවැනි තරංග නිකුත් විය හැකිය යන්න එක් මතයකි.
තවත් මතයක් වන්නේ නියුට්‍රෝන තාරකා දෙකක් එකිනෙක ගැටීමෙන් මෙවැනි තරංග නිකුත් විය හැකි බවයි.
මේවා පිටසක්වල ජීවින් හෝ යානා විසින් නිකුත් කරන ලද සංඥා වියහැකි බවට ද මතයක් පවතින නමුත් බොහෝ විද්‍යාඥයෝ එම මතය බැහැර කරති.
(බීබීසී ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 04
473
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
466
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
416
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මන්දාකිණියක ගුප්ත සංඥා දුරේක්ෂයක සටහන් වේ