බර්කිනා ෆාසෝහි නැගෙනහිර පල්ලියකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 14 දෙනකු මියගොස් ඇත.

ප්‍රහාරය පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැති අතර තුවක්කුකරුවන්ගේ අනන්‍යතාවයද පැහැදිලි වී නොමැති බව පොලිසිය පවසයි.

ත්‍රිවිධ හමුදාව විසින් ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව එරට රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටීයි.

නැගෙනහිර කලාපයේ නයිජර් දේශසීමාවට නුදුරින් හන්ටුකූරා නම් ගම්මානයේදී මෙම ප්‍රහාරය සිදුව ඇත.

පසුගිය වසර පුරා ප්‍රදේශයේ සිදුවූ ප්‍රහාරයන්ට අයිඑස් හා අල්කයිඩා සබධතා  ඇති ජිහාඩ් කණ්ඩායම්  සම්බන්ධ බව වාර්තා විය.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)