පකිස්ථානයේ ක්වෙටා නගරයේ දේවස්ථානයකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් දෙදෙනකු මියගොස් 14දෙනකු තුවාල ලබා ඇත.

 

සුන්නි මුස්ලිම් දේවස්ථානයක මෙම පිපිරීම සිදුව ඇති අතර සිකුරාදා දේව මෙහෙයට සහභාගී වෙමින් සිටි පිරිසක් මෙලෙස ඝාතනයට ලක්ව ඇතැයි පැවසේ.

 

පිපිරීම සිදුවන අවස්ථාවේ දේවස්ථානයේ 100 ක් පමණ පිරිසක් සිටි බව පොලිසිය පවසයි.

 

ක්වෙටා,  බලුකිස්ථාන ප්‍රාන්තයේ අගනුවර වන අතර දශක කිහිපයක් තිස්සේ බෙදුම්වාදී කණ්ඩායම්වල ගැටුම් පවතින නගරයකි.

 

කෙසේ වුවද මෙම ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැති අතර සුන්නි මුස්ලිම්වරුන් වෙත ප්‍රහාර එල්ලවීම දුර්ලභ සිද්ධියක් බව මාධ්‍ය වාර්තා කර ඇත.

 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)