පකිස්තානයේ කරච්චි නුවර පිහිටි කොටස් වෙළඳපොළට ගිනි අවි අතැතිව පැමිණි පුද්ගලයන් කිහිපදෙනෙකු කළ වෙඩිතැබීමකින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුවට අත් බෝම්බයක් විසිකර එය පිපිරීමෙන් අනතුරුව එම පිරිස ගොඩනැගිල්ලට ඇතුළු වී ඇත.

වෙඩිතැබීමට පැමිණි පුද්ගලයන් ගණන හෝ ඔවුන්ගේ අනන්‍යතාව හෝ තවමත් තහවුරු කරගෙන නොමැත.

පාකිස්තානු කොටස් වෙළඳපොළ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, සිදුවීම සම්බන්ධ තොරතුරු තවමත් අනාවරණය වෙමින් පවතින බවය.

එහි අධ්‍යක්ෂ අබිඩ් අලි හබීබ් සඳහන් කළේ, රථගාලේ සිට ඔවුන් එහි සිටි සැමටම වෙඩි තබමින් පැමිණි බවය.

පොලිසිය පැවසූයේ, ඝාතකයන් කිහිපදෙනෙකු ම මේවනවිට මරාදමා ඇති බවය.    

ගොඩනැගිල්ල තුළ සිටි පිරිස, එහි පසුපස දොරටුවෙන් ඉවතට ගොස් ඇත.

16844