ඇමරිකාවේ නිව්යෝර්ක් වරායේ පිහිටුවා තිබෙන නිදහසේ පිළිරුව මතට නැග ස්මාරකය මත වාඩි වී විරෝධතාවයේ යෙදුන කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සංක්‍රමණිකයන් සම්බන්ධව ජනපති ට්‍රම්ප් අනුගමනය කරන ආසාධාරණ ප්‍රතිපත්තියට විරුද්ධව ඇය මෙසේ තම විරෝධතාවය පලකර ඇතැයි බලධාරීහු පවසති.
ඇය 44 හැවිරිදි කොංගෝ ජාතික කාන්තාවකි. ඉනිමගක් ආධාරයෙන් කාන්තාව පහතට ගැනීමට පොලිසියට පැය තුනක පමණ කාලයක් ගතවී තිබේ. එම ස්ථානයේ ඊට පෙර පිරිසක් පෝස්ටර් සහ බැනර් අතැතිව විරෝධතාවයේ යෙදී ඇති අතර ඔවුන් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව මාධ්‍ය පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ කියන්නේ අතේ දුරින් වෙන දේවලුත් අපි දැනගන්නේ ලංකාවෙන්
ලෝකෙට බණ කියන රටේ කෝ ප්‍රජාතන්ත්‍රවාදය?