නයිජර් රාජ්‍යයේ බටහිර පෙදෙසේ හමුදා කඳවුරක් වැටලූ ඉස්ලාම් ත්‍රස්තයින් විසින් සෙබළුන් 18 දෙනකු ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
යතුරුපැදිවලින් පැමිණි තුවක්කුකරුවන් කඳවුර වටලා ඇති අතර ඊට පෙර මෝටර් රථ දෙකක අටවා තිබූ බෝම්බ පුපුරා ගිය බව බලධාරීහු පවසති.
මාලි දේශසීමාව ආසන්නයේ ඉනේට්ස්හි මෙම ගැටුම් ඇතිවී තිබෙන බවත් පසුව ඇමරිකානු හා ප්‍රංශ හමුදා විසින් ගුවන් ප්‍රහාර එල්ල කර ත්‍රස්තවාදීන් පලවාහැර ඇති බවත් සඳහන් වේ. සෙබළු හතරදෙනෙක් අතුරුදන්ව සිටිති.
පසුගිය මැයි මාසයේ ද ඉස්ලාම් ත්‍රස්තයන් විසින් එල්ල කළ මෙවැනිම ප්‍රහාරයකින් නයිජීරියානු සෙබළුන් 28 දෙනකු ඝාතනය විය.
මෙම සතිය අවසානයේ අප්‍රිකානු එක්සත් සමුළුව නයිජර්හි පැවැත්වීමට නියමිතව ඇත.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd