ජර්මනිය සහ ස්වීඩනය යන රටවලට අද (11) දිනයේ ඇතිවූ දැඩි හිමපතනය හේතුවෙන් දුම්රිය ධාවනය නවතා දැමූ බවත් පාසල් වසා දමා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දැඩි හිමපතනය නිසා පාරවල් සම්පුර්ණයෙන් අවහිර වී ඇති අතර ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී තිබේ.
දකුණුදිග ජර්මනියේ හිමවල බරට ගසක් කඩා වැටී මිය ගොස් සිටි 9 හැවිරිදි පිරිමි දරුවකුගේ සිරුරක් සොයා ගත් බව එරට පොලිසිය පවසයි.
පසුගිය සතියේ දී ඇල්පස් කඳුවැටියේ සිදුවු අධික හිමපතනය හේතුවෙන් 7 දෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු අතුරුදන් විය.
බීබීසි ඇසුරෙනි
(28535)







COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.