ඇෆ්ගනිස්ථානයේ උතුරු ප්‍රදේශයේ ඇතිවූ සටන්වලදී තලේබාන් ත්‍රස්තයින් හමුදා භටයින් 26දෙනකු පමණ ඝාතනයකර ඇතැයි වාර්තා වේ.
බග්ලාන් නගරයේ හමුදා මුරපොළවල් කිහිපයකට ත්‍රස්ත ප්‍රහාර එල්ල වී ඇති අතර එහිදී මෙම පිරිස් ඝාතනය වී ඇත.
මේ වනවිට කටා නගරයේදී ඇමරිකානු හා තලේබාන් නියෝජිතයින් අතර හත්වන වටයේ සාම සාකච්ඡා පැවැත්වෙමින් පවතී.
වසර 18ක් තිස්සේ පවතින යුද්ධය නිමා කිරීමේ අරමුණින් සාකච්ඡා පැවැත්වෙන බව සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd