ජපාන අගමැති ෂින්සො අබේ මහතා සාකච්ඡාවක් සඳහා ඉරානයේ ටෙහෙරාන් නුවරට ගොස් ඇත.
න්‍යෂ්ටික අවි ආයුධ සම්බන්ධව ඉරානය හා ඇමරිකාව අතර ඇති නොසන්සුන්තාවයන් ලිහිල් කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ බව සඳහන් වේ.
දශක හතරකට පසු ඉරානයට ගිය ප්‍රථම ජපන් අග්‍රාමාත්‍යවරයා ෂින්සෝ අබේ මහතා බව මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේවුවද අබේ මහතාට මෙහිදී සිදුකළහැකි කාර්යය සම්බන්ධව විචාරකයෝ සැක පලකරති. ඔවුන් පවසන්නේ මෙම චාරිකාව එළඹෙන මැතිවරණය වෙනුවෙන් සිදුකරන ලද ප්‍රචාරක ක්‍රියාවක් බවයි.
ජපාන අගමැතිවරයා ඉරාන ජනපති හසන් රවුහානි හා නායක අයෙතුල්ලා කුමේනි හමුවීමට ද නියමිතය.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.