ජපානයේ පළමු කොරෝනා වයිරස මරණය ඊයේ(13) ටෝකියෝවට බටහිරින් පිහිටි කනගාවා ප්‍රාන්තයෙන් වාර්තා විය.
අසාධ්‍ය තත්ත්වයේ පසුවූ 80 හැවිරිදි කාන්තාව රෝහල් කිහිපයකට මාරුකර ඇති අතර ඇයගේ මරණයෙන් පසු ඇයට කොරෝනා වයිරසය වැළඳී තිබූ බව තහවුරු කරගෙන ඇත.
මෙම මරණයත් සමඟ මේ වන විට චීනයෙන් පිටත කොරෝනා වයිරසයෙන් රෝගීන් තිදෙනකු මරණයට පත්වී තිබෙන අතර එක් අයෙකු හොංකොංහි සහ තවත් අයෙකු පිලිපීනයේ මියගොස් ඇත.
චීනයෙන් පිටත ලෝකයේ රටවල් 24 කින් රෝගීන් 450 දෙනකුට වයිරසය වැළඳී ඇතැයි තහවුරු කරගෙන ඇත.
ජපානයේ 33දෙනකුට කොරෝනා වැළඳී ඇතැයි තහවුරු කරගෙන ඇති අතර එහි වරායක නවත්වා තිබෙන නෞකාවක රෝගීන් 218දෙනකු සිටින බව සඳහන් වේ.
ජපානයේ බටහිර වකයාමාහි වෛද්‍යවරයෙකුට ද රෝගය වැළඳී ඇතැයි තහවුරු කරගෙන ඇත.
පළමු මරණය වාර්තා වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජපාන සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රෝගය පැතිරීම වැළැක්වීම සඳහා පළාත් පාලන ආයතන සමග සම්බන්ධ වී පරීක්ෂණ ක්‍රියාදාමයන් හා රෝගීන්ට ප්‍රතිකාර කිරීම පුළුල් කරන බවයි.
කෙසේවුවද ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ කොරෝනා වයිරසය ජපානය තුළ බහුලව ව්‍යාප්ත වී ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපානයේ පළමු කොරෝනා වයිරස මරණය වාර්තා වෙයි