ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ආරක්ෂක අමාත්‍යාංශ අංගනයේ බෝම්බ පිරවූ ට්‍රක් රථයක් පුපුරායෑම හේතුවෙන් 100 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති.
පිපිරීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශ ගොඩනැගිල්ල තුලට ඇතුළු වූ තුවක්කුකරුවන් තිදෙනකු සමග ආරක්ෂක අංශ වෙඩි හුවමාරුවක යෙදෙමින් සිටින බවද වාර්තා වේ.
දරුවන් නවදෙනකු ද තුවාල ලැබූ පිරිස අතර සිටින අතර ඔවුන් සියලුදෙනා රෝහල් ගතකර ඇතිබව සඳහන් වේ.
ප්‍රහාරය සම්බන්ධ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැති බව පොලිසිය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd