IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


කසළ කන්ටේනර් 50 ක් සංවර්ධිත රටවලට යවයි

කසළ පිර වූ කන්ටේනර් පෙට්ටි 50 ආසන්න සංඛ්‍යාවක් ප්‍රංශය සහ තවත් සංවර්ධිත රටවල් කිහිපයකට යැවූ බව ඉන්දුනීසියාව සඳහන් කරයි.

ජාත්‍යන්තර කුණු කසළ බැහැර කරන ස්ථානයක් බවට අග්නිදිග ආසියානු රටක් වන ඉන්දුනීසියාව පත්ව තිබේ. ඉන්දුනීසියාවට එසේ සැලකීමට ප්‍රතිචාර දක්වමින් මෙලෙස කසළ පිර වූ ට්‍රක් රථ සංවර්ධිත රටවලට යවා තිබේ.

බටම් දූපතෙන් මෙම කසළ පිර වූ කන්ටේනර් පෙට්ටි යවා තිබේ. කන්ටේනර් පෙට්ටි 49ක් එලෙස යවා තිබෙන අතර කසළ, ප්ලාස්ටික් සහ උපද්‍රව සහිත ද්‍රව්‍යවලින් එම පෙට්ටි පුරවා තිබේ. ආනයන නීති ද උල්ලංඝණය කරමින් එලෙස කන්ටේනර් පෙට්ටි පිරවූ බව රේගු බලධාරීහූ සඳහන් කළහ.

“ආපසු යැවීමේ ක්‍රියාවලිය සමඟ සම්බන්ධ වීම සඳහා අපි ආනයනයකරු සමඟ ඉක්මනින් සහ සහයෝගයෙන් කටයුතු කරනවා” යැයි බලධාරියෙක් කීය.

ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය සහ හොංකොං යන රටවලින් හරවා යැවූ එම කසළ පැමිණි බව එම නිලධාරියා කීවේ පසුගිය මාසයේදී ද ඉන්දුනීසියාව මෙලෙස කන්ටේනර් පහක් එක්සත් ජනපදයට ආපසු හරවා යැවීය. බටහිර රටවල කසළ දමන ස්ථානයක් බවට පත්වීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාව දැඩි නොසතුටකින් පසුවෙයි.

චීනය 2018 වසරේදී විදේශීය ප්ලාස්ටික් ආනයනය කිරීම තහනම් කළ අතර ඒත් ගෝලීය අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය අර්බුදයකට පත්විය. ඒත් සමඟ සංවර්ධිත රටවල් දැඩි අර්බුදයකට පත්වූ අතර ඔවුන් ඔවුන්ගේ කසළ යැවීම සඳහා ස්ථාන සොයන්නට විය.
චීනයේ එම තීරණයෙන් පසුව කසළ විශාල තොගයක් අග්නිදිග ආසියාවේ රටවලට එවීමට බටහිර රටවල් පියවර ගත්තේය.පසුගිය මාර්තු මාසයේදී ප්ලාස්ටික් කසළ ටොන් සිය ගණනින් ආපසු හරවා යවන බවට මැලේසියාව අවධාරණය කළේය.

ඒ අතරවාරයේදී මැලේසියාව පසුගිය මාසයේදී කසළ පිර වූ කන්ටේනර් 69ක් කැනඩාවට ආපසු හරවා යැවීය. ඒත් සමඟ දෙරට අතර තිබූ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය ද නිමාවට පත්විය.

සොබාදහම සඳහා වූ ලෝක ව්‍යාප්ත අරමුදලට අනුව වාර්ෂිකව ප්ලාස්ටික ටොන් මිලියන 300කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරේ. එයින් අතිවිශාල ප්‍රමාණයක් කසළ ලෙස ගොඩබිම්වලට එකතු වන අතර තවත් අතිවිශාල ප්‍රමාණයක් මුහුදට එකතු වේ. එයින් සිදුවන පරිසර හානිය විශේෂයෙන් සාගරවලට සිදුවන හානිය ඉතා විශාලය. ප්ලාස්ටික් කසළ ලෙස බැහැර කිරීම මේ වනවිට ජාත්‍යන්තර අර්බුදයක් බවට පත්ව තිබේ. 

ඒ.එෆ්.පී ඇසුරිනි

 055



අදහස් (1)

කසළ කන්ටේනර් 50 ක් සංවර්ධිත රටවලට යවයි

රවින් Thursday, 04 July 2019 11:09 AM

අන්න අපේ අයියලාට සම්තින් එකක් සොයාගන්න විදියක්. පැනලා ගිහිල්ලා ගනියිද දන්නේ නැහැ මුළු කසල තොගයම යටින් ගණනක් අරගෙන...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 145 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 993 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site