කසකස්ථානයේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවතියදී ජන්දය දැමීමට එරෙහිව විරෝධතාවයේ යෙදුණු සියගණනක් පිරිස් අත්අඩංගුවට ගෙන ඇත.

කසකස්ථානයේ  ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අවුරුදු 30කට පසුවය.

18 වියැති නුර්සුලුතාන් නසර්බයෙව් මහතා පසුගිය මාර්තු මාසයේ ජනාධිපතිධූරයෙන් ඉවත්වීමෙන් පසු මැතිවරණය සඳහා දින නියම විය.

නුර්සුල්තාන්ගේ අනුප්‍රාප්තිකයා වන තාවකාලික ජනාධිපතිවරයා ලෙස කටයුතු කල කසිම් ජොමාර්ට් ටොකයෙව්  මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහනය කරනු ඇතැයි විශ්වාස කෙරෙන අතර ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයන් හා විරෝධතාකරුවන් පවසන්නේ මැතිවරණය ස්වාධීන හා අපක්ෂපාතී නොවන බවයි.

කෙසේවුවද මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන ටොකයෙව් පවසන්නේ මැතිවරණ ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදී හා විවෘත ලෙස පැවැත්වූ බවයි.

 

(බීබීසී ඇසුරිණි - 085)