ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් විදුලි සේවයේ (ඒබීසී) සිඩ්නි නුවර පිහිටි ප්‍රධාන කාර්යාලය එරට පොලිසිය විසින් අද(05) සෝදිසි කළ බව මාධ්‍ය වාර්තා කර ඇත.
ඇෆ්ගනිස්ථානයේදි ඕස්ට්‍රේලියානු හමුදා විසින් සිදුකරන ලදැයි පැවසෙන විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධ වාර්තාවක් මෙම සෝදිසි කිරීම්වලට හේතුවී ඇත.
ඊයේ දිනයේදි ඕස්ට්‍රේලියානු පොලිසිය ඒබීසී ගුවන්විදුලිසේවයේ සංස්කාරකවරයාගේ නිවස ද සෝදිසි කළේය.
කෙසේවුවද පොලිසිය පවසන්නේ මෙම සෝදිසි කිරීම් දෙක අතර සම්බන්යධක් නොමැති බවයි.
සෝදිසි කිරීම්වලට විරෝධය පළකරමින් ඒබීසී සේවයේ කළමණාකරණ අධ්‍යක්ෂකවරයා පවසා ඇත්තේ ඒ ආකාරයෙන් ජාතික ගුවන්විදුලි සේවය සෝදිසි කිරීම අසාමාන්‍ය සිද්ධියක් බවයි.
මේ සිද්ධීන් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය නිදහස දැඩි ලෙස උල්ලංඝනය වන බවට මාධ්‍ය සංවිධාන කිහිපයක් අනතුරු අඟවා ඇත.
(විදෙස් මාධ්‍ය ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd