ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ පොලිසිය හා සන්නද්ධ කණ්ඩායමක් අතර ඇතිවූ ගැටුමකදී පොලිස් නිලධාරීන් හත්දෙනෙකු හා කැරළිකරුවන් හතරදෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
ආරිශ් නගරයේදී මෙම ගැටුම හටගෙන ඇති අතර අයිඑස් ත්‍රස්තයන් මෙහි වගකීම බාරගෙන ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
අයිඑස් ත්‍රස්තයන් විසින් පවත්වාගෙන යන අමාක් ප්‍රවෘත්ති සේවයේ මේබව නිවේදනය කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd