අධික වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ බටහිර වෙරළබඩ රත්නගිරි දිස්ත්‍රික්කයේ කුඩා වේල්ලක් පුපුරා යාමෙන් 11දෙනකු මියගොස් 13 දෙනකු අතුරුදන්ව ඇත.
මුම්බායි නගරයට කිලෝමීටර් 275ක් පමණ දුරින් පිහිටි ටිවේරා වේල්ල මෙසේ කැඩීගොස් තිබෙන බව බලධාරීහු සඳහන් කරති.
නිවාස බොහොමයක් කැඩීගොස් ඇති අතර අතුරුදන් වූ 13 දෙනක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකව ඇති බව පැවසේ.
කෙසේවුවද බලධාරීන් පවසන්නේ ඔවුන් පණපිටින් සොයාගැනීමට ඇති හැකියාව ඉතා කුඩා බවයි.
වේල්ල අවුරුදු 14කට පෙර ගොඩනගන ලද්දක් වන අතර එහි ඉරිතැලීම් සම්බන්ධව ගම්වාසීන්ගෙන් ලැබුණු පැමිණිලක් හේතුවෙන් මාස කිහිපයකට පෙර අළුත්වැඩියා කළ බව ජල සම්පත් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd