ලොව විශාලතම වැසි වනාන්තරය වන, බ්‍රසීලයේ පිහිටි ඇමසන් වැසි වනාන්තරය වාර්තාගත ආකාරයෙන් ගිනිගනිමින් පවතී.
එය සති තුනක පමණ කාලයක් තිස්සේ, එනම් 19 වන දිනටත් තවදුරටත් ගිනි ගනිමින් පවතී. චන්ද්‍රිකා දත්ත අනුව ගිනිගැනීම් 84%ක් වර්ධනය වී ඇති බව එරට ජාතික අභ්‍යවකාශ අධ්‍යයනය ආයතනය පැවසුවේය.
ගොවීන් භූමිය එළිපෙහෙලි කිරීමේදී බ්‍රසීලයේ ජනාධිපති ජායිර් බොල්සොනාරො මහතා ඒ සඳහා ගොවියන්ව උනන්දු කර ඇති බවද, ඇමසන් වනය ගිනිගනිද්දී තමා නීරෝ බවට පත්ව ඇති බව ප්‍රකාශ කර ඇති බවද පැවසේ.
2013 සිට මේ දක්වා වූ ගිනිගැනීම් වලින් ඉහළම අගය වාර්තාවන්නේ, ජනවාරි මාසයේ සිට අගෝස්තු දක්වා කාලය තුළ වූ ගිනිගැනීම් 74,000ක් සම්බන්ධයෙන් බවත්, ඇමසන් වන ප්‍රදේශය ආශ්‍රිතව වනාන්තරවල ගිනිතැබීම් 9,500ක් පසුගිය බ්‍රහස්පතින්දා සිට වාර්තා වී ඇති බවත් ගණන් බලා ඇත.
ඇමසන් වනාන්නතරය ගිනිගැනීමෙන් නැගුණු දුමාරය සාඕ පාවුලෝ නගරයේ කිලෝමීටර 2,700ක පමණ දුරකට විහිදී තිබිණි. නමුත් ඇතැම් කාලගුණ විද්‍යාඥයින් පවසා සිටියේ ඇමේසන් වනාන්තරයේ පැවතියේ, පාවුලෝ නගරයට සමීපව පිහිටි පැරගුවේ නගරයේ ඇති වූ ගිනිගැනීම් කිහිපයකින් පැන නැගුණු දුමාරය බවයි.
(බීබීසී ඇසුරිනි)
16844

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට ලොවක් අනාගතයේදී ඉතිරි නොවේ... මිනිසුන්ගේ අනුවණකම් වගාවන් නිසා...
පෘතුවියේ පෙනහල්ල ගිනි ගනී... බ්‍රසීල ජනපති කියා තියෙනවා ඔහු වීණා වයනවා කියා...