ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සැහැල්ලු ගුවන් යානාවක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් 10දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
ඇඩිසන් ගුවන්තොටුපළින් ගුවන්ගතවූ යානය සුළු මොහොතකින් ඒ අසළ පිහිටි ගුවන්යානා අංගහනයට කඩා වැටී ඇත.
කඩාවැටීමෙන් පසු යානය ගිනි ගෙන දැවුණු බව සඳහන් වේ.
අනතුරින් ඒ ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලකට ද හානි සිදුවී ඇත.
මෙම අනතුර සිදුවී ඇත්තේ ඩලාස් නගරයට කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයක් බව බලධාරීහු පවසති.
එන්ජිමේ දෝෂයක් හේතුවෙන් අනතුර සිදු වූ බව තහවුරු කර නොගත් ආරංචි මාර්ග පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd