මොරගහකන්ද වාන් මට්ටමේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හා මධ්‍යම පළාතට ඇදහැලෙන වැසි හේතුවෙන් මේ වන විට මොරගහකන්ද ජලාශයේ ජලය වාන් මට්ටම මීටර් 10 ක් ඉතිරිව පවතින බැවින් ඉදිරියේ ඇතිවිය හැකි වැසි සමඟ ජලාශයේ ජලය වාන් දැමිමක් සිදුවිය හැකි බව කාර්යභාර ඉංජිනේරු පි.එස්. බණ්ඩාර මහතා පවසයි. 16 minutes ago
ගැඹුරු පීඩන අවපාතය ශ්‍රී ලංකා වෙරළට අද සවස ළඟා වේ ශ්‍රී ලංකාව ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මේ වන විට මඩකළපුව සිට කිලෝ මීටර් 170ක් පමණ නැගෙනහිරට වෙන්න පිහිටා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 2 hours ago
බදුල්ලේ පාසල් අද කලින් වහයි බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල අධ්‍යාපන කටයුතු අද (9) දින පෙරවරු 11ට අවසන් කරන බව ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතා පවසයි . 2 hours ago
බෑග් කර්මාන්ත ශාලාව ගින්නට බිලි මත්තේගොඩ කිරිගම්පමුණුව ප්‍රදේශයේ පවත්වාගෙන යන අත් බෑග් සහ මුදල් පසුම්බි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද අලුයම හටගත් ගින්නකින් එම කර්මාන්ත ශාලාව මුළුමනින්ම විනාශ වී ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසයි. 2 hours ago
ගැඹුරු අවපීඩනය පොතුවිල්වලට කිට්ටුවෙන් ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල පවතින ගැඹුරු පීඩන අවපාතය මේ වන විට පොතුවිල් සිට කිලෝ මිටර් 230ක් මණ ගිනිකොන දෙසින් පිහිටා ඇතැයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. 11 hours ago
කුවෙට් ගිය ගුවන් යානයක කාර්මික දෝෂයක්: යානය යළි කටුනායකට කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුයානයක් , කාර්මික දෝශයකට ලක් වීම නිසා පැය 02 යි විනාඩි 21 කට පසුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්ස වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවැසීය. 11 hours ago
දුරුතු පෙරහරේ උඩ මළුවේ පෙරහර විදී සංචාරය කරයි කැලණිය රාජමහා විහාරස්ථානයේ දුරුතු මහා පූජා මහෝත්සවයේ පළමු උඩ මළුවේ පෙරහර අද රාත්‍රී 830ට යෙදී තිබූ ශූභ මොහොතින් විදී සංචාරය කිරීම ආරම්භ විය. 11 hours ago
විදෙසිකයාගේ බෑගය ඉස්සූ කුලී රථ රියැදුරා මාට්ටු මෙරට සංචාරයක් සඳහා පැමිණි කුවේට් ජාතික විශ්‍රාමික පොලිස් නිලධාරියකුගේ රුපියල් ලක්ෂ 13 කට ආසන්න වටිනා මුදල් අඩංගු කුඩා බෑගය සොරාගත් කුලී රථ රියදුරා දින 12 කට පසු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි. 11 hours ago
දැදුරුඔය වාන් දොරටු අරී පවතින වැසි තත්වය හේතුවෙන් අද (08) සවස දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටෙන් දෙකක් අඩි 02 බැගින් විවෘත කර ඇතැයි ජලාශය බාර වාරි ඉංජිනේරු කාර්යාලය කියයි. 12 hours ago
උඩදුම්බර පොළොව සෙලවෙයි මහනුවර ,උඩදුම්බර ප්‍රදේශයේ දේවහන්දිය ගම්මානයට අද (08) පස්වරු 5.05ට පමණ සුළු භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කියයි. 14 hours ago
මීටියාගොඩ වත්තකින් ගිනි අවි සහ කුඩු මතුවේ මීටියාගොඩ වේරගොඩ හරන්නාගල පාරේ ඉඩමක සඟවා තිබු ගිනි අවි උණ්ඩ සහ මත්කුඩු සොයාගත් බව ගෝනහේන පොලිස් විශේෂ බළකා කඳවුරේ නිලධාරීහු පවසති. 16 hours ago
ප්‍රා.ලේගේ විවාහ සහතිකය ගැන විමර්ශනයක් රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දැනට සේවය කරන ප්‍රාදේශීය ලේකම්වරියක ඇගේ විවාහය සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර ඇති බවට පැමිණිල්ලක් ලැබුණු බව පොලිසිය කියයි. 16 hours ago
බූස්ස බන්ධනාගාර නියාමකවරු සිවු දෙනෙක් අත්අඩංගුවට බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයාට රැඳවියන් දෙදෙනකු පහරදිමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි කියන චෝදනාවට බූස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් හතර දෙනකු අත්අඩංගුවට ගත් බව රත්ගම පොලිසිය කියයි. 16 hours ago
‘‘හයේ ඉංග්‍රීසි පොතේ වැරැද්ද ගැන විමර්ශනයක් කරනවා‘‘ දරුවන්ගේ අධ්‍යාපනය රැක ගැනීම හා අධ්‍යාපන ක්‍රමය දියුණු කිරීම වෙනුවෙන් වත්මන් රජය කැපවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරීනී අමරසූරිය මෙනවිය අස්ගිරි,මල්වතු මහා නාහිමිවරුන් හමුවේ පැවැසුවාය. 17 hours ago
ඇගළුම් කර්මාන්තශාලාවක ගබඩාවක ගින්නක් නවගමුව ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක ගබඩාවක් තිබූ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නක් නිසාවෙන් එම ගොඩනැගිල්ල ඇතුලත සම්පූර්ණයෙන් ම විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 18 hours ago
ඕස්ට්‍රේලියාවට තාප තරංග අවදානමක් ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවලට හෙට (9) තාප තරංගවලින් බලපෑම් එල්ල වනු බලපානු ඇතැයි අපේකෂා කරන බවත්, ඇතැම් ප්‍රදේශ විනාශකාරී ළැව්ගිනි හටගැනීමට ඉඩ ඇති බවත් එරට කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකතනය කර ඇත. 18 hours ago
’’මෙරට සියයට 35ක් හොර මත්වතුර බොනවා’’ මෙරට සමස්ත මත්පැන් භාවිතා කරන්නන්ගෙන් සියයට තිස් හතක් පමණ නීති විරෝධී මත්පැන් භාවිතයට ගන්නා බව නවතම සමීක්ෂණවලින් තහවුරී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා කොළඹදී ඊයේ (7) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය 19 hours ago
වරෙන්තුකරුවෝ 284ක් අත්අඩංගුවට අපරාධ හා මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම යටතේ ඊයේ (7) සිදුකළ පොලිස් මෙහෙයුම්වලින් වරෙන්තුකරුවන් 284 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 19 hours ago
බස්-වෑන් ගැටීමෙන් 4ක් රෝහලට කරුවලගස්වැව තබ්බෝව තාවකාලික යකඩ පාලම මතදී බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටිමේන් සිදුවු මාරක අනතුරකින් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි. 20 hours ago
මිනුවන්ගොඩ මී උණ රෝගීන් 18ක්: 1මරණයක් මිනුවන්ගොඩ කොට්ඨාසයේ ගංවතුරට යටවූ ප්‍රදේශවලින් මී උණ රෝගීන් 18 දෙනෙකු සහ එක් රෝගී මරණයක් වාර්තා වී ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දයාන් සමරසේකර මහතා පවසයි . 22 hours ago
මත් ද්‍රව්‍ය සමඟ ජාවාරම්කරු දැලේ හැඳ සිටි සරමේ රහස් සාක්කුවක සඟවා බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයට මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි ජාවාරම්කරුවෙකු රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය සඳහන් කරයි. 08 January 2026
සිර මැදිරියේ ඉබ්බා කපා සැකකරු පැන ගිහින් හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන තංගල්ල පොලිස් සිර මැදිරියේ රැදවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවෙකු සිර මැදිරියේ ඉබ්බා කපා අත්අඩංගුවෙන් පැනයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් තංගල්ල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව තංගල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 08 January 2026
ලොරියක් මුහුදුබඩ දුම්රිය නවත්වයි අම්බලන්ගොඩ නගරය ආසන්නයේදී මුහුදුබඩ දුම්රිය මාර්ගයට ඉතාමත් ආසන්න ලෙස බඩු පටවාගත් ලොරියක් හරස්වීමෙන් මේවන විට එම මාර්ගයේ දුම්රිය ධාවනය මුළුමනින්ම ඇනහිට තිබේ. 08 January 2026
පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසට ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඊයේ රාත්‍රී 11.30 පමණ විට විට පොතුවිල් සිට කිලෝ මිටර් 490ක් ගිනිකොන දෙසින් ,අක්ෂාංශ 5.3°N සහ දේශාංශ 86.0°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි 08 January 2026
ඉරාන පාලනය වෙනස් කරන්න ඇමෙරිකාව මාන බලනවා වෙනිසියුලාවේ මදුරෝ පාලනය පෙරළා දැමීමෙන් පසු ඉරානයේ පාලන තන්ත්රය වෙනස් කිරීම සඳහා ඇමෙරිකාව සූදානමින් සිටින බවත්, ඊශ්‍රායපය ඒ පසුපස සිටින බවත් විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ පවසති. 08 January 2026
වෙනිසියුලාවේ මාධ්‍යවේදීන් 14 ක් අත්අඩංගුවට ඇමෙරිකා හමුදා, වෙනිසියුලාවේ කැරැකස් අගනුවරට පහර දී, ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ අත්අඩංගුවට ගෙන, ඇමෙරිකාවට රැගෙන යෑමෙන් පසු වෙනිසියුලාව දිනෙන් දින අර්බුද රැසකට මුහුණ දෙමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. 08 January 2026
ඩෙන්මාර්කයට නේටෝ රටවල සහාය ග්‍රීන්ලන්තය අයිති ග්‍රීන්ලන්ත වැසියන්ට බවත්, ග්‍රීන්ලන්තයේ අනාගතය තීරණය කළ යුත්තේ ද ග්‍රීන්ලන්ත වැසියන්ට බවත් නේටෝවට අයත් බටහිර රටවල් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පවසා ඇත. 08 January 2026
ඉන්ධන නැව අල්ලා ගත්තාට රුසියාවෙන් ඇමෙරිකාවට විරෝධය රුසියානු ධජය යටතේ යාත්‍රා කළ මරිනෙරා නම් ඉන්ධන ප්‍රවාහන නෞකාව උතුරු අත්ලාන්තික් මුහුදේදී ඇමෙරිකානු හමුදා සිය භාරයට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 07 January 2026
ගාල්ල නගර සභාවට නව ලේකම්වරියක් ගාල්ල මහ නගර සභාවේ නව ලේකම්වරිය ලෙස විමංසි තීක්ෂණ චන්ද්‍රලාල් මහත්මිය අද වැඩ බාර ගත්තාය. 07 January 2026
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025