(නාලක සංජීව දහනායක)
එක්සත් ජාතික පක්‍ෂය සංධානය පිහිටවූ වහාම ජනාධිපතිධූරාපේක්‍ෂකත්වය ලබාගැනීම සදහා කරූ ජයසූරිය මහතා කතානායක තනතුරින් ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජ.නි.ස) ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (21) පැවැසීය.
ඒ සමඟම එක්සත් ජාතික පක්‍ෂය පාර්ශව තුනකට කැඩී යාම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි වනු ඇතැයිද ඔහු කීය.
මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිටත් ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් නම් කර අවසන් බව කී අබේවර්ධන මන්ත්‍රීවරයා එහෙත් රටේ ප්‍රධානතම දේශපාලන පක්‍ෂය වන එක්සත් ජාතික පක්‍ෂයට මේ වනතුරුත් ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු නම්කර ගැනීමට නොහැකිව තිබෙන බවද කීය.
නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමට ගිවිසුම් අත්සන් කළ වහාම කරූ ජයසූරිය මහතා කතානායක ධූරයෙන් ඉල්ලා අස්වී පක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අශීර්වාදය ඇතිව ජනාධිපති අපේක්‍ෂකයා බවට පත්වන බව කී අබේවර්ධන මන්ත්‍රීවරයා ඒ අනුව කරූ ජයසූරිය මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්‍ෂනායකත්වය ආරක්‍ෂාකර දෙන බවද පැවැසීය.
අගමැතිවරයා සමග දාම් ඇදීමට හෝ චෙස් ක්‍රීඩාවේ නිරතවීමට කිසිවෙක්ට නොහැකි බව කී අබේවර්ධන මන්ත්‍රීවරයා ජනතාවගේ බලය ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට නොහැකි වුවත් පක්‍ෂයේ බලය ලබාගැනීමට ඕනෑම මොහොතක හැකියාව තිබෙන බවද ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා සදහන් කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී අද (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ ආරංචියක් ගෙනාවාට බොහොම ස්තූතියි. අර දෙන්නාටම අපි මාරබයයි.
රනිල් ට විරුද්ධව යටි ගේම් ගහන්න එන අයට ඉතිහාසයේ වුනේ හොම්බ බිම ඇනගන්න. මෙවරත් වන්නේ එ් ටිකමයි. රටට ගැලපෙන නායකයෙක් ඉදිරිපත් කිරීමට කරන සටන ප්‍රශංසනීයයි.
මේ ගොයියත් සෑහෙන කාලෙකට දැක්කෙත් නැහැ. අපි අදමයි දැක්කේ... එ්ත් ඉතින් දැක්ක දවසෙම කොහෙවත් යන හිඟන්නෙක්ගේ රෙදි හෝදන්න පටන් අරගෙන.. මිනිස්සු හැමෝම දන්නවා රෙදිහෝදන්න හරි දක්ෂයා කියලා... හෝදනවකෝ තමන්ගේ පැත්තේ ඉන්න වසුරු නාගත්ත කට්ටියක්... අන්න කරනවා නම් වැඩ... යන්න.. ගිහින් කිව්ව වැඩටික කරලා එන්න. අපි දෙන්නම් ඡන්දෙ...
ලක්ෂ්මන් යාපා දැනටම පේන කියන්න පටන් අරගෙන වගෙයි. ගාල්ලේ සුමනදාස ගුරා ඔහොම පේන කියලා තමයි මහින්ද රාජපක්ෂට පස්ස බිම ඇණගෙන හොම්බෙන් යන්න පිහිට වුනේ...! එජා පක්ෂය ඇතුළු සංධානය ගන්න තීන්දු තීරණ ගැන ඔහේලා කලබල වෙන්න අවශ්‍ය නැහැ. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කරපුදා එය වර්ජනය කරපු තුන්මුල්ලේ විමලේ, වාසු වගේ අය ගැන ටිකක් ඇහැ ගහගෙන හිටියොත් නරකද?
ඔන්න ගැහුවේ දෙවෙනි සීනුව... පළවෙනි එක ඊයේ අර්ජුන... අපි කිව්වනේ සජිත් නිකන් අපරාදේ කාලයයි කැලරියි නාස්ති කර ගන්නවා කියලා..
හොඳ තීරණයක්...
මෙයාට අමු කැවිලද කොහෙද?
කතානායක නොවේ... විරුද්ධ පක්ෂයේ නායක තමයි ඉල්ලා අස්වෙන්න ඕනේ...
මම කීවනේ මේ අනාවැකිය මුලින්ම... ඔන්න එහෙනම් දෙවෙනි එක රටේ ජනපති කරු ජයසූරිය...
අස්වෙන එක හොදයි පිනක් දහමක් කරගෙන විවේක සුවයෙන් කාලේ ගෙවන්න .