IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘පෝර්ට්සිටි’ යට ගොඩ කළ බිමේ නිවාස හැදීම ඇරඹෙයි

 

දියුණුව කරා යන ශ්‍රී ලංකාව ඊට මුහුණ දෙමින් දැවැන්ත ගොඩනැගිලි මෙන්ම විශාල ව්‍යාපෘතීන්ද ඉදිවෙමින් පවතියි. ජනාකීර්ණ කොළඹ නගරය තුළ තවත් දැවැන්ත නගරයක් දැනටමත් ඉදිවෙමින් පවතින අතර එයට ‘පෝර්ට් සිටි’ එසේත් නැතිනම් ‘වාණිජ’ නගරය ලෙස නම්කර ඇත. සංවර්ධනය කරා ගමන් කරන මෙවැනි වකවානුවක මෙවැනි වාණිජ නගර ඉදිකිරීම අතිශයින්ම වැදගත් වෙයි. ‘පෝර්ට් සිටි’ එසේත් නොමැතිනම් ‘වාණිජ’ නගරය ඉදිකිරීමෙන් අපේක්ෂා කරන්නේ විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීම හා විදේශ රටවල වෙළෙඳපොළ හා තරග කිරීමයි. මෙවැනි කාරණා දෙස බලද්දී මෙවැනි වාණිජ නගර ඉදිකිරීම වැදගත් වෙයි. දැනටමත් ලොව පුරා විශාල ප්‍රමාණයෙන් මෙවැනි නගර ඉදිකෙරෙමින් පවතියි.  

 

මෙම නගරය දැනට ඉදිකෙරෙන්නේ කොළඹ දකුණු වරාය ජැටිය ආසන්නයේයි. විශේෂිත වූ භූමි ප්‍රමාණයක් ගැනත් වරාය ආසන්නයේ ඇති මුහුද ගොඩ කොට මෙම නගරය ඉදිකිරීම මෙහි විශේෂත්වයයි. නගරය තුළ අදියර 5 ක් යටතේ නිවාස සංකීර්ණයක්, ව්‍යාපාරික ස්ථාන, ක්‍රීඩාගාර, පාසල්, ආයෝජන කලාප, ව්‍යායාම් මංතීරු හා බෝට්ටු අංගනයක් ඇතුළු සියලු දෑ එහි ස්ථාපනය කෙරේ.  


නව ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවට හෙක්ටයාර් 269 ක භූමි ප්‍රමාණයක් අලුතින් එක්වෙයි. දැනට කොළඹ සීමාවේ සිට කිලෝමීටර් 2 ක් පමණ ප්‍රදේශයක් කොළඹ නගරයට අලුතෙන් එක්වෙයි.  


‘පෝර්ට්’ සිටි නගරයේ අලුත්ම තත්ත්වය පිළිබඳ විමසීමක් කළේ එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ නිහාල් ප්‍රනාන්දු මහතා සමගයි. ඔහු සමග කළ සාකච්ඡාවයි මේ.  


ප්‍රශ්නය:- මේ වනවිට ව්‍යපෘතියේ තත්ත්වය කෙසේද?  
පිළිතුර:- දැනට ව්‍යාපෘතියේ ගල් හා වැලි දමා ගොඩකිරීමේ කටයුතු වලින් 35%ක් පමණ අවසන්. වසර 2019 දී පමණ සම්පූර්ණ භූමිය සකස් කිරීමට සැලසුම් කරලා තිබෙනවා. දැනට පවතින මුහුදේ රළු ස්වභාවය නිසා මුහුද ආශ්‍රිතව කෙරෙන කටයුතු තාවකාලිකව නතර කළා. මොකද වාරකන් කාලය නිසා. ඒ අතරතුර දැනට ගොඩකර අවසන් වූ භූමියේ කාර්යාල ඉදිකිරීම සිදුකෙරෙනවා. දිනපතාම සේවකයන් 650 ක් පමණ සේවය කරන අතර ව්‍යාපෘතියේ කටයුතු සඳහා සේවකයන් 22,000 කගේ පමණ සහාය ලැබෙනවා. ව්‍යාපෘතියේ ප්‍රගති වාර්තාවක් මාස්පතාම අපට ලැබෙනවා. දැනට ගොඩකර ඇති භූමියට මීටර් 300 ක් පමණ ඈතින් ගල්වැටියක් අතුරනවා ගොඩකරපු වැලි මුහුදට ගසා ගෙන යාම වැළැක්වීමට.  


ඒ ගල්වැටියට පිටුපසින් මීටර් 300 ක පමණ කළපු ප්‍රදේශයක් තිබෙනවා. වැලි පුරවා ඇති භූමියේ පොළොව සකස් කිරීමේ කළ යුතුයි දැන් සිදුකෙරෙන්නේ. දැනට නොපෙනුනාට මුහුදු මට්ටමේ සිට ගල්වැටි අතුරා තිබෙනවා. පිරවීම හා ගල්වැටිය ඇතිරීමේ කටයුතු 2019 වසරේ ජූනි මාසය වනවිට අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.  

 

 


ප්‍රශ්නය:- ​කොයි වගේද මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවෙන්නේ?  
පිළිතුර:- ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුවෙන්නේ අදියර කිහිපයක් යටතේයි. සුලු, මධ්‍යම හා විශාල ප්‍රමාණයේ නිවාස ව්‍යාපෘති කිහිපයක් ඉදිකෙරෙනවා. නිවාසවලට අමතරව හෝටල්, ආයෝජන කලාප, පිහිනුම් තටාක, බෝට්ටු, නැංගුරම් තොටුපොළ, ඇවිදින මංතීරු, පාසල් ඇතුළු සියලු අංග මෙයට ඇතුළත්. දැන් නිවාස ව්‍යාපෘතියේ අංග කිහිපයක් තිබෙනවා. මහල් දෙකේ සිට මහල් 3 දක්වා නිවාස කිහිපයක් ඉදිකෙරෙනවා. තවත් ව්‍යාපෘතියක් තිබෙනවා මහල් 4 සිට මහල් 60 දක්වා ව්‍යාපෘතියක්. තනි මහල් නිවාස කිහිපයක්ද ඉදිකිරීමටත් සැලසුම් කරලා තිබෙනවා. තවත් දුරට අධ්‍යයනය කරලා සුළං හමන ආකාරය අනුව ගොඩනැගිලිවල උස් පහත් මට්ටම තීරණය කරනවා. සුළං හමන දිසාවන් අධ්‍යයනය කරලා ඒ ඒ තැන්වල ඉදිකෙරෙන උස ප්‍රමාණය අනුව නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමයි සැලසුම් කර තිබෙන්​ෙන්.  

 


ප්‍රශ්නය:- මෙහි නිවාස දේශීය අයටත් මිලදී ගැනීමට පුළුවන්ද?  
පිළිතුර:- ඕනෑම කෙනෙකුට මෙහි නිවාස මිලදී ගැනීමට පිළිවන්. මුලින්ම වැඩි ආයෝජකයන්ට ඉඩපහසුකම් සලසා තිබෙනවා. පිට අයටත් ආයෝජනය කරන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ ආයෝජකයට අමතරව පිට අයට ඒ කියන්නේ ලංකාවේ අයත් ඇතුළත්. ඕනෑම කෙනෙකුට මිලදී ගන්න පුලුවන්. ලංකාවේ රජයට වෙනම තිබෙනවා කොටසක්. කොටසක් කිව්වට මුලු ව්‍යාපෘතියේම අයිතිය තිබෙන්නේ ශ්‍රී ලංකා රජයටයි. ව්‍යාපෘතියේ ඉඩම් 3 වැනි පාර්ශ්වයකට දෙනවා. ආයෝජන සමාගමට කොටසක් අයිතියි. ඔවුන්ට පුලුවන් ඔවුන්​ෙග් ආයෝජකයන්ට ලබා දෙන්න. ආයෝජන සමාගම දුන්නත් රජයෙන් දුන්නත් ඒ සියල්ලන්ගේම අයිතිය තිබෙන්නේ ශ්‍රී ලංකා රජයට. මෙය දෙන්නේ ආයෝජකයන්ට 99 අවුරුද්දෙ බද්දකට යටත් කරලා. ඒ කාලය අවසන් වූවාට පස්සේ සම්පූර්ණ ඉඩම් අයිතිය ලංකා රජයට පමණයි අයිති වෙන්නේ.  

 

 

ප්‍රශ්නය:- දැනට තක්සේරු කරලා තිබෙනවාද නිවාසවල වටිනාකම?  
පිළිතුර:- තවම අපි තක්සේරු කරලා නැහැ. මොකද අද තක්සේරු කරලා වැඩක් වෙන්නේ නැහැ. මොකද තව කාලයක් යනකොට තක්සේරු වටිනාකම වෙනස් වෙන්න පුළුවන්. අපේ රටේ විතරක් නොවෙයි. මේ පළාතෙම තිබෙන ඉඩම් වටිනාකම අනුව තමයි ආයෝජනය කිරීමේ අයට ලබා දෙන මිල තීරණය කෙරෙන්නේ. මොකද අපට විතරක් සීමා වෙච්ච ආයෝජනයක් නොවන නිසා. ඒ නිසා සෑම පැත්තක්ම ආවරණය වන පරිදිය තක්සේරුව තීරණය කෙරෙන්නේ.  

 


ප්‍රශ්නය:- මේ නගරය පාලනය කරන්න වෙනම ආයතනයක් තිබෙනවාද?  
පිළිතුර:- දැනට කොළඹ නගරයට සම්බන්ධ කොළඹ නගර සභාව විසින් සේවා සපයන නගරයක් හැටියට නෙ​වෙයි මෙය පාලනය කෙරෙන්නේ. ලංකා රජය හා චීන ආයෝජකයන් අතර ඇතිකරගෙන ඇති ගිවිසුමකට අනුව මේ නගරයේ පාලනය හා පැවැත්ම ඉදිරියේදී ලංකා රජය හා ආයෝජන සමාගම විසින් ඒකාබද්ධ වූ ආයතනයක් ස්ථාපිත කරන්න එකඟතාවකට පැමිණ තිබෙනවා. එහෙම කරන්න හේතු වුණේ මෙය ජාත්‍යන්තර නගරයක් වුණාම දැනට තිබෙන පහසුකම් වලට හා වැඩි සේවාවන් සපයන නගරයක් බවට පත්කරන්න. කලාපයේම හොඳම නගරය ලෙස පත්කරන්නයි චීන ආයෝජකයන්ගේ අපේක්ෂාව.  

 


ප්‍රශ්නය:- නගරයේ වැඩ අවසන් වූ පසු අලුතින් භූමි ප්‍රමාණයක් එක්වෙනවද?  
පිළිතුර:- විශේෂිත වූ භූමි ප්‍රමාණයක් එක්වෙන්නෙ නැහැ. දැනට තිබෙන දකුණු වරාය ජැටියට සමගාමිවයි ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන්නේ. දැනට ගොඩබිමේ සිට අමතරව කිලෝමීටර 2 ක් පමණ එකතු වෙනවා. දැනට දකුණු වරායේ දිය කඩනයට වඩා ඈතට යන්​නේ නැහැ. ඒ සීමාව ඇතුළත තමයි ඉදිකිරීම් සිදුවන්නේ.  


ප්‍රශ්නය:- ව්‍යාපෘතිය නිම වීමෙන් පසු මෙහි මල අපද්‍රව්‍ය බැහැර කෙරෙන්නේ කෙසේද?  
පිළිතුර:- දැනට ව්‍යාපෘති වාර්තාවේ සඳහන් වෙනවා කොළඹ නගර සභාව සම්බන්ධ කරගෙන. නමුත් නගර සභාවට බාර නොදී මල අපද්‍රව්‍ය බැහැර කරන්න. දැනටමත් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු නගර සභාවේ සහයෝගය ඇතිව සිදුකෙරෙනවා. මේ යටතේ ලෝක බැංකු ආධාර ඇතිව විශේෂ ව්‍යාපෘතියක් මාදම්පිටියේ පොම්පාගාරය ආශ්‍රිතව ඉදිකෙරෙනවා. දැනටමත් මාදම්පිටිය පොම්පාගාරය ආශ්‍ර්‍රිතව මළ අපද්‍රව්‍ය බැහැර කිරීමේ කටයුතු සිදුකෙරෙනවා. නමුත් මේ ව්‍යාපෘතිය ඇතුළු අනිකුත් ඉදිවෙන ව්‍යාපෘතිවල සියලු අපද්‍රව්‍ය ඉවත් කිරීමටයි ඒ පොම්පාගාරය ඉදිකෙරෙන්නේ. මෙයින් පිට කෙරෙන මළ අපද්‍රව්‍ය මාදම්පිටියේ පොම්පාගාරයේ ප්‍රාථමික කටයුතුවලින් පසුව අපද්‍රව්‍ය ගැඹුරු මුහුදට පොම්ප කිරීමට තමයි සැලසුම් කරලා තිබෙන්නේ. දැනටමත් එය ක්‍රියාත්මකයි.  
විශේෂයෙන් මෙම නිවාස ව්‍යාපෘතිය මෙන්ම නගර ව්‍යාපෘතිය ඉදිකිරීමෙන් පසු අනාගතයට විශාල ආයෝජනයකි. සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙවැනි නගර ඉදිකිරීම තුළින් දියුණුවක් කරා ළඟා විය හැක. තවත් වසර කිහිපයකින් නිමවන ‘පෝර්ට් සිටි’ නගරය ශ්‍රී ලංකාවේ දැකුම්කළු නගරයක් වනු නොඅනුමානයි. ඒ තුළින් විශාල ආයෝජනයක්ද අපේක්ෂා කෙරේ. මෙම නගරය ඉදිකිරීමෙන් පසු ශ්‍රී ලංකාවාසීන්ට අලුත්ම අත්දැකීමක් හිමිවනු ඇති.  

 

සටහන : නිශාන්ත කුමාර බණ්ඩාර  
ඡායරූප : ඉෂන්ක සුනිමල්



අදහස් (0)

‘පෝර්ට්සිටි’ යට ගොඩ කළ බිමේ නිවාස හැදීම ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3720 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 37 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1471 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 457 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 169 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 273 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site