IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලීසිං මාෆියාව මඩින්න විසඳුමක්

 

 

ලංකාවේ ක්‍රියාත්මක වන සියලුම ලීසිං සහ ෆිනෑන්ස් සමාගම් 2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණ පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොකරන ලද ලීසිං පහසුකම් සපයන සමාගම් දහසකට වඩා දිවයින පුරා ක්‍රියාත්මක වේ. නීත්‍යානුකූලව ලියාපදිංචි වී ඇති ලීසිං සහ ෆිනෑන්ස් සමාගම් 41 ක් ලංකාවේ ඇති අතර එම සමාගම්වල ශාඛා දිවයින පුරා පිහිටුවා ඇත. තවද වසරක් පාසා එම ලීසිං සහ ෆිනෑන්ස් සමාගම් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අධීක්ෂණය කරන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ පරීක්ෂාවට ලක් කෙරේ. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොවූ මහ බැංකුවේ අනුමැතිය නොලත් මූල්‍ය සමාගම් කිසිවෙකුගේ අධීක්ෂණයට හෝ පරීක්ෂාවට ලක් නොවේ. 


මේ පිළිබඳව සොයා බැලුවහොත් මෙම කාරණය දිවයින පුරා විසිරී පැතිරී ඇති හොර දොස්තරලාට හා හොර වෛද්‍ය මධ්‍යස්ථානවලට සමානය. අපේ ගමට අල්ලපු ගමේ මෙවැනි වෛද්‍ය මධ්‍යස්ථානයක් ඇති අතර වෛද්‍යවරයාගේ උපාධිය P.P යනුවෙන් සඳහන් පුවරුවක් සවිකොට ඇත. P.P යන උපාධිය කුමක්දැයි මා එම වෛද්‍යවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් යන්න එහි සඳහන් බවය. මේවා පිළිබඳව සොයා බලන කිසිදු බලධරයකු නොමැති බව කනගාටුවෙන් සඳහන් කළ යුතුය. 


නිසි අවසරය නොලත් මූල්‍ය සමාගම් කටයුතු කරනු ලබන්නේ ඔවුන්ගේ හිතූමනාපයට කැලෑ නීතිය යටතේය. මේවා පිළිබඳව සොයා බැලීමට කිසිදු නිලධාරියකු නොමැති අතර ඒ පිළිබඳව පැමිණිලි කිරීමට අද‌ාළ පුද්ගලයෙකු ද නොමැත. එක් අවස්ථාවක මාතර දෙයියන්දර මෙවැනි හොර මූල්‍ය සමාගමක් අටවාගෙන ඔවුන් පීපල්ස් ලීසිං සමාගමේ සහ තවත් මූල්‍ය සමාගම් කිහිපයක නියෝජිත සමාගමක් බවට නාම පුවරුවක් සවිකොට තිබිණ. මෙම ලිපිය ලියන මා ඒ පිළිබඳව මාතර පොලිස් අධිකාරි කාර්යාලයට දුරකථනයෙන් දැනුම් දුන් විට කියා සිටියේ කිසියම් හොරකමක් වන තෙක් ඔවුන්ට කිසිදු දෙයක් කළ නොහැකි බවය. ඊට ටික කලකට පසුව ඔවුන් එම පළාතේ බොහෝ දෙනෙකුගේ තැන්පතු ද ලබාගෙන ස්ථානය හැර ගොස් තිබිණ. මා විසින් පොලිස් අධිකාරි කාර්යාලයේ නිලධාරින් දැනුවත් කළ අවස්ථාවේ කිසියම් පියවරක් ගත්තේ නම් මෙම වංචනිකයන් නීතියේ රැහැනට අසුකර ගැනීමට පිළිවන් වනු ඇත. 
කල්බදු මූල්‍යකරණ ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීම සඳහා 2000 වර්ෂයේ අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත 3 ඡේදය යටතේ පහත සඳහන් සුදුසුකම් සපුරා තිබිය යුතුය. 


(අ) 1988 අංක 30 දරන බැංකු පනතේ අර්ථානුකූලව බලපත්‍ර ලත් වාණිජ බැංකුවක් හෝ බලපත්‍ර ලත් විශේෂිත බැංකුවක් වන්නේ නම්, 
(ආ) 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ අර්ථානුකූලව මුදල් සමාගමක් නම් හෝ, 
(ඇ) නියමිත පරිදි වූ අවම නිකුත් කළ හා ගෙවා නිමි ප්‍රාග්ධනය ඇති 1982 අංක 17 දරණ සමාගම් පනත යටතේ සංස්ථාගත කරන ලද පොදු සමාගමක් වන්නේ නම්, 


මිස ඒ තැනැත්තා මේ පනත යටතේ ලියාපදිංචිවීමට සුදුස්සෙක් නොවන්නේය. 


මෙම සුදුසුකම් සපුරා ඇති බැංකු ආයතන හා සමාගම්වලට පමණක් මූල්‍ය සමාගමක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අවසර දෙනු ඇත. 
එම අවසරය ලබානොගෙන ගස් යට බෝක්කු යට අටවා ගෙන ඇති කල්බදු පහසුකම් සපයන ආයතන දහස් ගණනක් වන අතර ඒවා ඉතා අසාධාරණ ලෙස පොලිය අයකරන අතර ගනුදෙනුකරුවන් බොහෝ අවස්ථාවල අසීරුතාවයට පත්කොට ඇත. ඇතැම් විට දේපල උගසට ලියා ගන්නවා වෙනුවට ඒවා සින්නක්කරව ලියාගෙන ඇත. ජනතාව මෙම හොර ලීසිං සමාගම් වෙතට යන්නේ එක්කෝ නොදැනුවත්කමටය. නැතහොත් වෙනත් නීත්‍යනුකූල බැංකු හා මූල්‍ය සමාගම්වලින් ණය ලබාගෙන ඒවා නොගෙවා ‘ක්‍රිබ්’ එකේ තමා ණය නොගෙවන ලද අයකු ලෙස වාර්තා ගත වී ඇති නිසාය. එම නීත්‍යනුකූල නොවන ලීසිං සහ ෆිනෑන්ස් සමාගම් නොපමාව සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුය. එවැනි සමාගම් නීති විරෝධි ලෙස සලකා නීති මාර්ගයෙන් කටයුතු කළ යුතු වේ. 
 නීත්‍යනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිසි පරිදි අවසරය ගෙන ආරම්භ කොට ඇති ලීසිං සමාගම් ද අනවසර ලීසිං සමාගම් කරන මගඩි වැට ගොන්නට දමා චෝදනා එල්ල කිරීමට සමහර දේශපාලනඥයන් සහ ඇතැම් දෙනා පුරුදු වී ඇත. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කාලයේ අක්‍රමවත් වී තිබූ ගමනාගමන සේවයට නව ජීවයක් ලබා දුන්නේ පීපල්ස් ලීසිං සමාගමය. එම සමාගම දැනට අශෝක් ලේලන්ඩ් සහ ටාටා බස්රථ දස දහසකට ආසන්න ගණනක් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සේවයට එක්කිරීමට ද‌ායක වී ඇත. මෙම බස්රථ ගනුදෙනුකුරුවන් වෙත ලබාදීම නිසා ගමනාගමන සේවය නව ජීවයක් ලැබුවා පමණක් නොව දහස් ගණනක් රැකියා ද උත්පාදනය කොට ඇත. මේ නිසා යැපෙන පවුල් සංඛ්‍යාව විසි තිස්දහසකි. එමෙන්ම එල්.බී. ෆිනෑන්ස්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් යනු මූල්‍ය සමාගම් නොව කුඩා ප්‍රමාණයේ බැංකුය. 


මෙම ලීසිං සමාගම් මගින් රථවාහන සඳහා ලබා දී ඇති පහසුකම් නොගෙවා සිටින විට ඒවා අත්පත් කරගන්නා අන්දම ද 2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණ පනතේ ප්‍රතිරෝධයක් ඉදිරිපත් නොවුවහොත් සන්තකය ආපසු ලබාගැනීම සහ 27 වන ඡේදයේ මෙසේ සඳහන්ව ඇත. 


 27 - (අ) උපකරණය ඇත්තා වූ ප්‍රදේශය තුළ පිහිටි පොලිස් ස්ථානය භාර නිලධාරියා වෙත ඒ අයිතිවාසිකම පිළිබඳව දැනුම් දෙනු ලැබීම. 


(ආ) ඒ අයිතිවාසිකම ක්‍රියාත්මක කිරීමේදී සාමය කඩවීම වළක්වාලීම සඳහා ඒ පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකුගේ සහාය ලබාගැනීම සහ 
(ඇ) උපකරණයේ සන්තකය උපකරණය සන්තකයේ ඇති තැනැත්තාගෙන් ප්‍රතිරෝධය පෑමක් නොමැතිව ලබාගැනීමට හෝ යම් විශේෂ තැනැත්තෙකුගේ සන්තකයේ එය නොමැති අවස්ථාවක යම් තැනැත්තකුගේ ප්‍රතිරෝධ පෑමක් නොමැතිව හෝ එය ලබාගත හැකි නම් උපකරණය ඇති ස්ථානයත් එහි සන්තකය ලබාගැනීම කළ හැකිය. 


 මෙයට අමතරව අධිකරණ ක්‍රියාමාර්ග මගින් කල්බදු පහසුකම් ලබා දී ඇති උපකරණ ලබාගත හැක. 


එහෙත් රථවාහන අත්පත් කරගැනීමට යන සීසර්වරුන්ට පොලිසියේ පැමිණිලි කොට පොලිස් නිලධාරීන් සමග අද‌ාළ සමාගම වෙත යන ලෙස උපදෙස් දුන්න ද ඔවුන් පවසන දෙයකුත් ඇත. අද‌ාළ බලප්‍රදේශයේ පොලිස් ස්ථානයට එම රථවාහන අත්පත් කරගැනීම පිළිබඳ පැමිණිලි කළ විට එම ආරංචිය වාහනය අත්පත් කරගැනීමට කලින් ගනුදෙනුකරුට දැනුම් දෙන බවය. කල්බදු පහසුකම් ලබාගෙන ඇති බොහෝ දෙනා පොලිස් නිලධාරීන් සමග සබඳතා ඇති අය වේ. අනෙක් කාරණාව පොලිස් නිලධාරීන් වාහන අත්පත් කර ගැනීමට සහභාගි කර ගත් විට එම නිලධාරීන්ට මුදල් ගෙවිය යුතු බවය. සීසර්වරුන් වාහන අත්පත් කරගත් පසු ඒ සඳහා මුදල් ලබාගැනීමට ඉදිරිපත් කරන බිල්පතෙහි පොලිස් නිලධාරීන්ට ගෙවන ලද මුදල බොහෝවිට සඳහන් කොට අද‌ාළ මූල්‍ය සමාගමෙන් එය ඉල්ලා සිටින අවස්ථා ඇත. කිසිවෙකු මෙම සඳහන් කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම් එය සාධක සහිතව ඔප්පු කළ හැක. 


පසුගිය සමයේ සිදුවූ අවාසනාවන්ත සිද්ධිය මෙන්ම වාහන අත්පත් කරගැනීමට ගිය අවස්ථාවක සීසර්වරයකු මරා දමා ඇත. එක් අවස්ථාවක බෙලිඅත්ත ප්‍රදේශයේ වාහනයක් අත්පත් කරගැනීමට ගිය අවස්ථාවක සීසර්වරයා සමග ගිය එක් අයෙකුගේ අත්දෙක සහ කකුල් දෙක කඩා දමා ඇත. එම අය කොළඹ පුද්ගලික රෝහලකට ගෙන ආවේ ගිලන්රියකිනි. ගනුදෙනුකරුවන් සහ වාහන අත්පත් කරගන්නා සීසර්වරුන් අතර සිදුවෙන අරගලය එබඳුය. එහෙයින් මින් ඉදිරියට එවැනි කණගාටුද‌ායක සිද්ධීන් ඇති නොවීමට වාහන අත්පත් කර ගැනීමේදී පහත සඳහන් ක්‍රියාපිළිවෙළ අනුගමනය කිරීම සුදුසු යැයි යෝජනා කර සිටිමි. 


 කිසියම් පුද්ගලයකු ලීසිං සමාගමකින් හෝ මූල්‍ය සමාගමකින් රථවාහනයක් වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමයට ලබාගෙන එකඟ වී ඇති පරිදි නිසියාකාරව වාරික ගෙවා නොමැති නම් එම ගනුදෙනුකරු පදිංචි ප්‍රදේශයේ පොලිසියට මෙසේ නිසි පරිදි ගෙවා නොමැති බවට පැමිණිලි කළ යුතු වේ. ඉන්පසු පොලිස් නිලධාරියකු එම ගනුදෙනුකරු පොලිස් ස්ථානයට කැඳවා දින තුනක් ඇතුළත අද‌ාළ රථවාහනය කල්බදු පහසුකම ලබාගත් සමාගමට භාර දී එම සමාගමෙන් අදාළ රථය බාර දුන් බවට ලිපියක් රැගෙන විත් පොලිස් ස්ථානයට භාර දෙන ලෙස විධි විධාන යෙදිය යුතු වේ. මෙම රාජකාරිය සඳහා එම පොලිස් ස්ථානයට පහත සඳහන් පරිදි මූල්‍ය සමාගම ගෙවීම කළ යුතු වේ. එම මුදල් රැස්කිරීම සඳහා පොලිස් ස්ථානය ළඟම ඇති රාජ්‍ය බැංකුවක ගිණුමක් විවෘත කළ යුතුය. 
 තව ද එසේ අද‌ාළ රථවාහන නිසි පරිදි භාර නොදෙන ගනුදෙනුකරුවන් වෙතොත් ඔවුන් රිමාන්ඩ් භාරයට ගෙන මූල්‍ය වංචාවක් සිදුකොට ඇති බැවින් නීතිමය කටයුතු කරන බව දැනුම් දිය යුතුය. 


ත්‍රිරෝද රථයක්, මෝටර් සයිකලයක් - රු. 2,500 
මෝටර් රථයක් - රු. 5,000 
වෑන් රථයක් - රු. 7,500 
බස්, ලොරි, ට්‍රක් රථ ඇතුළු බර වාහන යන්ත්‍ර සූත්‍ර, ට්‍රැක්ටර් රථ - රු. 10,000 


මෙය පොලිසියට අමතර ආද‌ායමක් වන අතර පොලිස් දෙපාර්තමේන්තුවට මේ සඳහා කිසිදු වැය කිරීමක් අවශ්‍ය නොවනු ඇත. ඉහත සඳහන් වාහන අත්පත් කරගැනීමට සීසර්වරුන් විසින් රුපියල් 25,000 සිට රු. 100,000 දක්වා අයකරන අවස්ථා ඇත. සමහර අවස්ථාවල ඊට වඩා වැඩි මුදලක් ද අය කරන අවස්ථා ඇත. එම පිරිවැය දැරිය යුත්තේ ගනුදෙනුකරු විසින්ය. 


ඉහත සඳහන් පරිදි නීතිරීති වෙනස් කළහොත් වාහන අත්පත් කරගැනීමේදී ඇතිවන ප්‍රචණ්ඩත්වය, මිනී මරාගැනීම්, කලකෝලාහල ආදිය සිදුනොවනු ඇත. එමෙන්ම කල්බදු ක්‍රමය යටතේ ලබාගන්නා රථවාහන තුන්වැනි පාර්ශ්වයකට විකිණීම, කොටස් ගලවා විකිණීම ආදිය ද සම්පූර්ණයෙන් නවතිනු ඇත. 

 

 

 ජිනද‌ාස ගමගේ, 
 විශ්‍රාමික මහජන බැංකු 
ජ්‍යෙෂ්ඨ කළමනාකරු



අදහස් (8)

ලීසිං මාෆියාව මඩින්න විසඳුමක්

jaya Monday, 27 July 2020 05:48 AM

ඉතා වටිනා අදහසක්.

:       5       63

රුමල් Monday, 03 August 2020 09:29 AM

මොන ආණ්ඩුව ආවත් ඕව කෙරෙන්නේ නෑ. ඔක්කොම සල්ලි වලට යටයි. මේ පාර අර සහනයක් දුන්න කියල මිනිස්සු ඇන්දුවා. මුල්‍ය ආයතන වලින් මිනිස්සුන්ට පොලී පිට පොලී ගැහුවා. තාම එහෙමයි. මේවා ඔක්කොම සම්බන්ද වෙලා තියෙන්නේ. කිසිම රජයක් මේවා ගැන බලන්නේ නෑ. අහිංසක මිනිස්සු මේවට වන්දි ගෙවන්න ඕන.

:       5       227

Udaya kumara wwd Saturday, 08 August 2020 02:44 AM

ඔව් COVID 19 වසංගතයට වාරික 6 සහන කාලයක් දෙනවා කියලා දැන් ඒ ගෙවාගන්න බැරිව හිටපු වාරික ටික එකතු කරලා ඉතිරි වාරික වලට බෙදලා දාලා. මාත් 35000 ගානේ වාරිකයක් වන පරිදි වාරික 60 කට කාර් එකක් ගත්තා. දැන් මට ඒ වාරිකය 43000 ක් විතර වෙලා. කොරෝනා ඉවර උනා කියලා අපි එයින් පත් උන අපහසු තාවය තවම ඉවරයක් නෑනේ. අපිට දැන් කබලෙන් ලිපට වැටුනා වගේ වැඩක් වෙලා තියෙන්නේ

:       0       45

Harin Saturday, 08 August 2020 04:57 PM

හොඳ අදහස. පද්ධතියක් නොමැති නම්, අපි එකක් සෑදිය යුතුයි!

:       0       53

omarini Tuesday, 18 August 2020 03:22 AM

අදහස ගොඩක් වටිනවා, ඒත් ලිසිං කරලා ත්‍රිවිල් එකක් අරගෙන කබලෙන් ලිපට වැටුනා.

:       1       1

sampath Tuesday, 18 August 2020 05:16 PM

රජයෙන් ලීසිං දුන්නනම් නරකද නැත්නම් ලීසිං නොගෙන හිටියානම් නරකද.?

:       0       0

.yohan Ranasimghe Sunday, 13 September 2020 11:35 AM

නීති සම්පාදනය කරනා අය නොසලකා සිටින්නේ ඇයි ?.

:       0       1

Lal Friday, 09 October 2020 05:55 PM

ඔව් මේක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3721 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 37 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1471 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 457 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 169 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 273 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 325 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site