IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මකර කටට වැටුණු මෝල්ඩෝවා ජනරජය

වළ පල්ලට ගිය රටවල්

 

 

රටවල් කා දමන්නේ නීච පාලකයන්ය. ආත්මාර්ථකාමී දේශපාලකයන්ය. මොවුහු පම්පෝරි ගහන පෝරිසාදයන් වශයෙන් හැඳින්විය හැක. ඔවුන් සිටින රටවල දූෂණය හිස ඔසවා ප්‍රජාතන්ත්‍රවාදය වැළලී යයි. ජනතා පරමාධිපත්‍යය, නීතියේ ආධිපත්‍යය වචනවලට පමණක් සීමා වෙයි. එවැනි දේශයන්හි සමාජ සුබසාධනය සඳහා අැති සම්පත් දේශපාලුවන්ගේ ගසා කෑමට ලක් වෙයි. ඉන් ජනතාව දරිද්‍රතාවයෙන් පීඩා විඳිති. ආර්ථිකය බිංදුවට බැස්ස රටවල සිදුවන්නේ පිට රටවලින් හිඟා කන එකය.


වළ පල්ලට ගිය රටවල් තීරුව යටතේ වසරකට වැඩි කාලයක් තිස්සේ හඳුන්වා දෙන ලද්දේ අප්‍රිකාවේ, ආසියාවේ සහ ලතින් ඇමෙරිකාවේ දේශයන් රාශියකි. අද ප්‍රථම වරට මකර කටට ඇද වැටුණ යුරෝපයේ රාජ්‍යයක් හඳුන්වා දෙනු ලැබේ. එය මෝල්ඩෝවා (Moldova) ජනරජයයි. අතීතයේ සෝවියට් දේශයට නතුව තිබූ රටවලින් පොහොසත්ම රට අද ලෝකයේ දුප්පත්ම රටක් බවට පත් වුණේ කෙසේ ද?


නැගෙනහිර යුරෝපයේ නැගෙනහිර පෙදෙසින් යුක්‍රේනයට ද බටහිරින් රුමේනියාවට ද යාබදව පිහිටි මේ රට අද ලෝකයෙන් කොන් වී ඇත්තේ ​ඛේදජනක අයුරිනි. එළවළු, පලතුරු, දුම්කොළ හොඳට වැවෙන වයින් හදන වයින් බොන සුද්දන් සීමිත රටකි.


හිඟාකන සුද්දෝ


යුරෝපා සංගමයට (European Union) අයත් රටවල් සංඛ්‍යාව 28 කි. මේ රටවල මුළු ජනගහණය මිලියන 513 කි. එම රටවලින් දුප්පත්ම රට බවට මෝල්ඩෝ රාජ්‍යය පත් වී ඇත්තේ පසුගිය වසර 28 තුළදී එනම් 1991 අගෝස්තු 27 දා සෝවියට් දේශයෙන් නිදහස ලබා ගත්තාට පසුවය. නිදහසින් පසු මේ රට දේශපාලකයන් විසින් කා දමනු ලැබූ වවුල් හපයක් බවට පත් වුණේය. ග්‍රීසිය විනාශ කළා මෙන්ම මේ රට ද අද විනාශ වී හමාරය. මෝල්ඩෝවා රටේ අද ඉන්නේ හිඟා කන සුද්දන්ය.


මෙහි වත්මන් ජනපති ඉගෝර් ඩොඩෝන් ය. අගමැති පවෙල් පිල්ප් ය. විශාලත්වය ව.කි.මී. 33,846ක් හෙවත් ව.සැ. 13,068 කි. ජනගහණය ලක්ෂ 34කට කිට්ටුය (33,50,900). සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු නිදහස ලබාගෙන විවිධ ජාතීන්ගේ සම්මිශ්‍රණයකින් පිහිටුවා ගත් මේ ජනරජය ද ගත වූ කාල සීමාව තුළ දශමයකින්වත් ඉදිරියට ගිය බවක් පෙනෙන්නට නැත. මුළු ජනගහණයෙන් සියයට 65ක් යුක්‍රේන ජාතිකයන්ය. සියයට 13ක් රුසියානුවන්ය. ඉතිරි සංඛ්‍යාව සංක්‍රමණිකයන්ය. මෙයත් ගත් ණය ගෙවන්න විදේශ රටවලින් තව තවත් ණය ගන්නා පාලකයන් තුළ රට නැංවීමේ කිසිදු ආර්ථික සැලැස්මක් නැති රාජ්‍යයකි. මුළු ජනගහණයෙන් සියයට 48.5ක්ම අන්ත දුගී අසරණයන් බවට පත් වී තිබෙන්නේ මේ නිසාය.

 

 


එදා වයින් බිව් සුද්දෝ අද කඳුළු බොති


මෝල්ඩෝවා රට වළ පල්ලට ගොස් ඇත්තේ වෙනත් යන්නට තැනක් නැති නිසාය. මෙහි බහුතර ජනතාවගේ දෛනික ආදායම ඩොලර් 1.25 දක්වා පහත බැස ඇති නමුත් බලගතු යුරෝපා සංගමය ද මේ රට දෙස සානුකම්පිතව බලන බවක් නොපෙනේ. යුරෝපා සංගමය විසඳිය යුත්තේ ලෝක ප්‍රශ්න නොවේ. තම කලාපයේ රාජ්‍යයන්හි දැවෙන ප්‍රශ්න නොවන්නේ ද? දරිද්‍රතාවයේ ප්‍රතිශතය සහ බහුතරය ජනතාවගේ දෛනික ආදායම පිළිබඳ සඳහන් කිරීමට මෝල්ඩෝවා දේශයේ වත්මන් තත්ත්වය වඩාත් අවබෝධ වේ. මේ හොඳට වයින් නිපදවන රටකි. අතීතයේ වයින් බොමින් විනෝද වූ සුද්දෝ අද කඳුළු බොන්නේ මෙහි පාලකයන්ගේ වරදිනි.


​ෙම් රට පිළිබඳව ජාත්‍යන්තර ජනමාධ්‍යයන් සහ බෝර්ගන් ව්‍යාපෘති වාර්තාව (Borgen Project Report) සඳහන් කරන්නේ නිදහස සමග දරිද්‍රතාවය හිස එස වූ බවය (with Freedom Came Poverty). අවුරුදු 150ක් සෝවියට් දේශය පාලනය කළ මේ රට ගත වූ වසර 28 තුළ දී කබලෙන් ළිපට වැටී ඇත්තේ බලලෝභී දේශපාලකයන් තම දේශයේ උන්නතිය තකා නොව තම මඩිස්සලය තර කර ගැනීම සඳහා සිදු කළ බල පොරය නිසාය. දේශපාලන පක්ෂවලට බෙදී කුලල් කා ගැනීම නිසාය.


යුරෝපයේ කඳුළු බිඳුව


රට යන්නේ කොහාටදැයි නොදන්නා ජනපතිවරයෙක්, අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 101 දෙනෙක් සිටින මේ රට අයාලේ ගමන් කරන අයුරු දැකගත හැක. රැකියා විරහිත තත්ත්වය හේතු කොට ගෙන ලක්ෂ 5කට වැඩි පිරිසක් මෙහි සිට විවිධ රටවලට රැකියා සඳහා ගොස් ඇත. ඔවුන්ගෙන් වැඩි පිරිස ඉතාලියට, රුසියාවට, රුමේනියාවට සහ යුරෝපයේ විවිධ රටවලට ගොස් වසරකට යුරෝ මිලියන 400කට වැඩි විදේශ විනිමය එවනු ලබයි. රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ මෙයයි. තව තවත් රට අතහැර යන්නන්ගේ සංඛ්‍යාව දෙගුණ තෙගුණ වෙමින් පවතී.


රජය ජනතාවට සෞඛ්‍යය, අධ්‍යාපන, විදුලිය, ජලය, ගමනාගමනය ආදී පොදු පහසුකම් සැපයීමට අසමත්ව සිටී. මෙහි රැකියා විරහිත තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව 2,63,000 ඉක්මවා ඇති බව අලුත්ම වාර්තා දක්වයි. මෙම තරුණ තරුණියන්ගෙන් බොහෝ දෙනා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ඇබ්බැහි වී සිටිති. රටේ අපරාධ සිදුවීම උග්‍ර වී ඇත. මේවා මර්දනය කිරීමට පාලකයන් නිසි පියවර ගෙන නැත. අධිකරණය, පොලිසිය සහ පරිපාලනය දූෂණයෙන් පිරී පවතී. මේ හැම ක්ෂේත්‍රයකම සිටිනුයේ පගා මරුවන්ය. මෙහි බලයට පත් වූ දේශපාලකයන්ට මහජන දේපොළ සොරකම් කිරීමට දූෂණ සිදු කිරීමට උගන්වන්නේ පරිපාලන නිලධාරීන්ය. පරිපාලන සේවය දූෂණයෙන් පිරී පවති. ලංකාවේත් එහෙමයි. බොහෝ දේශපාලකයන්ගෙන් මෙන්ම පරිපාලන නිලධාරීන්ගෙන් රටට සත පහක වැඩක් නැත.


බැංකු හිස් කරන පාලකයෝ


මේ රටේ ද වැඩි වශයෙන් සිටින්නේ නැති බැරි අය සඳහා වෙන් කරන ආහාර සලාක සහ සහනාධාර මුදල් ඇති එවුන් අතරේ බෙදා හදා ගන්නා නරුම තුඡ්ච ක්‍රියාදාමයකි. දේශපාලුවන් හිරිකිතයකින් තොරව හොරා කන ක්‍රමවේදයකි. මෝල්ඩෝවා රටේ ද බොහෝ දේශපාලකයන් බලයට එන්නේ කෝටිපති ව්‍යාපාරිකයන්ගේ කර මතිනි. බොහෝ රටවල සිදුවන්නේ මෙයයි. බලයට පත්වන දේශපාලකයන් තම රාජ්‍ය බලය උප​ෙයා්ගී කරගෙන එවැනි ධනපති චක්ගෝලයන්ට රට සූරා කෑමට සියලු ඉඩ ප්‍රස්ථා ලබා දෙයි.
මෙම ධනපතියන් සූදු සෙල්ලමක් මෙන් සියලු දේශපාලකයන්ට හොර රහසේ අඩු වැඩි වශයෙන් මැතිවරණ සඳහා ආධාර මුදල් සපයනු ලබයි. මෝල්ඩෝවා රටේ අංක එකේ ධනපතියා වූ ඉලන් ෂෝර් (Ilan Shor) බලයට පත් වූ දේශපාලකයන් මාර්ගයෙන් එරට බැංකුවලින් මහා ධනස්කන්දයක් නීති විරෝධී මාර්ගවලින් ලබා ගත්තේය. ඒ 2015 වසරේදීය. ඔහුගේ වංචා හෙළි වීම නිසා අද ඔහු අත්අඩංගුවේ පසුවේ. ඔහුට එරෙහිව පවරා ඇති නඩු උසාවියේ දී වාෂ්ප වනු ඇත්දැයි විමසන්නේ විදේශ ජනමාධ්‍යයන්ය.


හොරකම් කළ අගමැති


මේ රට වළ පල්ලට ගිය තවත් එක් උදාහරණයක් පමණක් මෙම ලිපියේ සඳහන් කරමි. මෙහි හිටපු අගමැති වී. ෆිලට් ය (Filat). ඔහු සිදු කළ ඩොලර් බිලියන එකක වංචාවක් හේතු කොටගෙන රට පුරා ජනතා උද්ඝෝෂණ සිදු විය. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු තවමත් නිවාස අඩස්සියේ රඳවා සිටියි. ඩොලර් බිලියන 1ක් යනු පවුම් බිලියන 646 කි. ඔහුට එරෙහි නඩු විභාගය තවමත් අවසන් වී නැත. මෙවැනි රටක් අනිවාර්යයෙන්ම වළ පල්ලට යනවා නේද?


​ෙමහිදී යමක් විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. මා අද හඳුන්වා දුන් මෝල්​ෙඩා්වා රාජ්‍යය ගූගල් (Google) හෝ විකීපීඩියා (Wikipedia) මගින් ලෝකයේ දිළිඳුම රටවල් 50 ලයිස්තුවට තවමත් ඇතුළත් කර නැති බවය. 2016 ජුනි 27 දා මෝල්ඩෝවා රටේ හිටපු අගමැතිවරයාට අවුරුදු 9ක සිරදඬුවමක් නියම කරනු ලැබුවත් ඔහු ඊට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන අතර එම අභියාචනා නඩු විභාගය ඉදිරියේදී විදේශ ජනමාධ්‍යයන් ලොවට ඉදිරිපත් කරනු ඇත.

 

 

සිරී හීන්පැල්ල 
නිව්​ෙ‌යා්ර්ක් නුවර සිට ලියයි

 



අදහස් (0)

මකර කටට වැටුණු මෝල්ඩෝවා ජනරජය

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3721 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 37 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1471 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 457 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 169 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 273 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1552 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site