(විනීතා එම්. ගමගේ)
මෙවර පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් අතරින් එකොළොස් දෙනෙකු මිනීමැරුම් චෝදනාවලට ලක්වූවන් යැයි පැෆරල් සංවිධානය කියයි. මෙම මිනීමැරුම් චෝදනා ලැබුවන් අතරින් දෙදෙනෙක්ම කොළඹ මහ නගර සභාවට තරග වදින්නේ යැයි ද එම සංවිධානය කියයි.
විවිධ අපරාධ චෝදනාවලට ලක්වූවන් 67 දෙනෙකු පිළිබඳ තොරතුරු තම සංවිධානය වෙත හෙළිවී ඇති බවත් මිනීමැරුම් චෝදනා ලැබූ 11 දෙනා ද ඇත්තේ ඒ අතර බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
කුඩු ජාවාරම්කරුවන් බවට චෝදනා ලැබූ තිදෙනෙක්ද පාතාලයට සම්බන්ධ පස්දෙනෙකුද අල්ලස්වලට සම්බන්ධ බවට චෝදනා ලැබූ තිදෙනෙක් ද ඒ අතර වෙන බවද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. කසිප්පු ජාවාරම්කරුවන් 10 දෙනෙකු පිළිබඳවද තොරතුරු හෙළිකර ගෙන ඇතැයි පැවැසූ පැෆරල් විධායක අධ්‍යක්ෂවරයා මංකොල්ලකරුවන් දස දෙනෙකු පිළිබඳව ද තොරතුරු හෙළිවී ඇතැයි කීය.
මුදල් වංචා කළ 11 දෙනෙක්, පහරදීම්වට සම්බන්ධ අට දෙනෙක්, වැලි ජාවාරම්කරුවෙක්, ණය පැහැර හැරි පුද්ගලයෙක් මෙන්ම තමන් තරග කරන නගර සභාව සමඟ ගිවිසුම් පවතින පුද්ගලයෙක්ද මෙම පිරිස අතර සිටින්නේ යැයි ද හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.
මොවුන් පිළිබඳ තොරතුරු සියල්ල විමර්ශනය කොට ඇතැයිද ඒ පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව වෙත යවා ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
මැතිවරණය අවසන වූ පසු ඔවුන් පිළිබඳ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවත් එසේ වුවත් මොවුන් පිළිබඳ සොයා බලා අවංක හා දූෂණයෙන් තොර අපේක්ෂකයකුට ඡන්දය පාවිච්චි කිරීම ඡන්දදායකයන් සතු වගකීමක් බවත් හෙට්ටිආරච්චි මහතා අවධාරණය කළේය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අපේක්ෂක 11 කට මිනීමැරුම් චෝදනා