IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අලුත් සන්ධානයේ සම නායකත්වය මහින්දට-මෛත්‍රීට

(අජන්ත කුමාර අගලකඩ)   

ජනාධිපතිවරණයෙන් අනතුරුව එන මහ මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සම නායකයන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාත් පත් කිරීමට යෝජනාවී ඇතැයි වාර්තාවේ.   

මීළඟ මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් පුටුව ලකුණ යටතේ තරග කිරීමට පක්ෂ දෙකම දැනටමත් එකඟවී ඇත.


ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවා ගැනෙන අතර ඊට අදාළ අවබෝධතා ගිවිසුමට ඉදිරි සති දෙක ඇතුළතදී අත්සන් කෙරෙනු ඇතැයි දැන ගන්නට තිබේ.   


මෙම සන්ධානය සඳහා ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව කටයුතු කරන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ඇතුළු දේශපාලන පක්ෂ දහයක් පමණ එක්වනු ඇතැයි පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.   


යෝජිත ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ විධායක සභාවෙන් සියයට 51ක් පොදුජන පෙරමුණටද සියයට 31ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද හිමිවේ.   
ඉතිරි සියයට 18 එම සන්ධානයෙ හවුල්කාර පක්ෂවලට හිමිවනු ඇත.   


සන්ධානයෙ ලේකම් ජාතික සංවිධායක, භාණ්ඩාගාරික යන තනතුරු පොදුජන පෙරමුණට ඉල්ලා ඇති අතර නියෝජ්‍ය ලේකම් උප සභාපති ධුර කිහිපයක් ශ්‍රීලනිපයට දීමට යෝජනාවී ඇත. මේ අතර ශ්‍රීලනිපය හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුම මේ සතියේදී අත්සන් කෙරේ.   


ගෝඨාභය රාජපක්ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුවට ගිය අතර ඔහු පෙරේදා (11) රාත්‍රියේ යළි දිවයිනට පැමිණීමට නියමිතව සිටියේය. එය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන උත්සවයකදී අත්සන් කිරීමට සැලසුම්කර ඇතැයි වාර්තා වේ.   
ඒ අනුව අවබෝධතා ගිවිසුම අනිද්දා (15) දිනයේදී අත්සන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තාවේ.  



අදහස් (0)

අලුත් සන්ධානයේ සම නායකත්වය මහින්දට-මෛත්‍රීට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site