IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අභයභූමිය ඩෝසර් කළේ දේශපාලන සහෝදරයෙක්

(දයාසීලි ලියනගේ)   

පුත්තලම ආනවිළුන්දාව අභයභූමියේ කොටසක් ඩෝසර් යන්ත්‍ර යොදා විනාශ කිරීමේ සිද්ධියට දේශපාලකයකුගේ සහෝදරයෙක් සම්බන්ධ බවට චෝදනා එල්ලවී ඇත.   


ප්‍රාදේශීය දේශපාලන කටයුතුවල යෙදී සිටින මේ තැනැත්තා එක්තරා සභාවක හිටපු සභාපතිවරයෙක් බව ද කියති.   

රාජ්‍ය නිලධාරියකුට පහරදීමට තැත් කිරීම ඇතුළුව චෝදනා රාශියක් මෙම ප්‍රාදේශීය දේශපාලනඥයාට එල්ලවී තිබෙන බව ද සඳහන්ය.   


ආනවිළුන්දාව පරිසර පද්ධතිය වනජීවී නීතිය යටතේ අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර රැම්සා සම්මුතියට අනුව තෙත් බිම් පද්ධතියක් ලෙසට ප්‍රකාශයට පත්කර ඇති ප්‍රදේශයකි.   


මෙම විනාශය පිළිබඳව පුත්තලම සහකාර වනජීවී කාර්යාලය මගින් පසුගිය සිකුරාදා රජයට වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි.   


මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී පුත්තලම සහකාර වනජීවී අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා ප්‍රකාශ කළේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් කරමින් සිටින බවය. යන්ත්‍ර ක්‍රියාකරු හඳුනා ගැනීමට හා ඔහු සමඟ මෙම ක්‍රියාවලියට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගනිමින් සිටින බව ද එරන්ද ගමගේ මහතා ප්‍රකාශ කළේය.   


විමර්ෂණ කටයුතු අවසන් වන තුරු සිද්ධියට සම්බන්ධ අය ගැන ප්‍රකාශයක් කළ නොහැකි බව ද ඔහු කීය.  



අදහස් (0)

අභයභූමිය ඩෝසර් කළේ දේශපාලන සහෝදරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site