(නිශාන්ත කුමාර බණ්ඩාර)
එක්සත් ජාතික පක්ෂය තුළ සිටින වැරැදි කරන අපරාධවලට සම්බන්ධ අය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පක්ෂයෙන් නෙරපා දැමිය යුතු බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානය පවසයි.
එක්සත් ජාතික පක්ෂයට සහය පළ කරමින් තම සන්ධානය කටයුතු කරන බවත් ඔවුන්ගේ අපේක්ෂක ලැයිස්තුව පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි නිසා තමන් වෙනමම මැතිවරණය සඳහා ඉදිරිපත්වූ බව එම සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවැසීය.
එවැනි පහත් වැඩවලට සම්බන්ධ වූවන් එම පක්ෂයේ දෙමළ අපෙක්ෂකයන් ලෙස නම්කර ඇති බවත් එවැනි පහත් ක්‍රියාවලට සම්බන්ධ වූ අයට දෙමළ ජනතාව නියෝජනය කිරීමට තමන් ඉඩ නොදෙන බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ වේවා ඔවුන් නිහතමානි වැදගත් පුද්ගලයන් විය යුතුයි.
දැන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙක් චෝදනා කරනවා අපි කොළඹට වෙනමම තරග කරන නිසා මනෝ ගනේෂන්ව අතුගාලා දැමිය යුතුයි කියලා.
නමුත් දැන් අතුගෑවිලා සිටින්නේ එම හිටපු අමාත්‍යවරයාම බවයි මනෝ ගනේෂන් මහතා පවසන්නේ.
එතුමාගේ අභියෝගය සතුටින් භාර ගන්නා බවත් තමන් පොළවේ පය ගසා ජීවත් වෙන අයකු බවත් එවැනි අයට අපි පාඩමක් උගන්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අපරාධවලට සම්බන්ධ අය එජාපයෙන් නෙරපිය යුතුයි