(අජන්ත කුමාර අගලකඩ)
වතුකම්කරුවන්ට රජයෙන් දීමට පොරොන්දු වූ රුපියල් 50ක වැටුප් වැඩිවීම ලබාදීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම්, ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සිදුවන බවට ඇමැතිවරුන් වන මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරම් යන මහත්වරුන් ආණ්ඩුවට අනතුරු අඟවා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ෙමම මුදල නොගෙවීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී දැඩි විවේචනයක් එල්ල කර ඇති බවද එම ආරංචි මාර්ග කියයි. වැටුප් වැඩි කරන ලෙස වතුකම්කරුවන් ගෙන ගිය සටනේදී, ඔවුන්ට වතු සමාගම්වලින් දෙන වැටුප් වැඩිවීමට අමතරව රුපියල් 50ක වැටුප් වැඩිවීමක් ලබාදීමට රජය පොරොන්දු වූ බවත්, එය අප්‍රේල් මාසයේ සිට ගෙවීමට පොරොන්දු වුවද, මෙතෙක් එය ලබාදී නැති බවත් එම ඇමැතිවරුන් දෙදෙනා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බව වාර්තා විය.
මේ තත්ත්වය තුළ තවදුරටත් ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සිදුවන බවද ඔවුන් දෙදෙනා එහිදී සඳහන් කර ඇතැයි දැනගන්නට තිබේ.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රුපියල් පනහ නොදුන්නොත් මනෝ-දිගම්බරම් ආණ්ඩුවෙන් එළියට