ආචාර්ය සූරිය ගුණසේකර සමග හෙළයන්ගේ අතීත රාජධානියට පිවිසෙමු

මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය....
කුඹගස ඇතුළතින් පතුල් තහඩුව අඩි 4 ඉහළින් සිදුරු සහිත රෝද තුනක් සවිකළ යුතුය. එහි ඉහළට එසවුණු රෝද තුනක් සවි කර ඒවා ඉහල පහළ නෙසෙල්වන පරිදි ශක්තිමත්ව සවි කිරීමට අවශ්‍යය. පිටත වාතය ඇතුළට ලබා ගැනීමට හා නතර කිරීමට මෙම තාක්ෂණය අවශ්‍ය වේ.
කුඹ ගසේ මුදුනෙහි කවුළු කිහිපයක් තිබිය යුතුය. කවුළුවක් මත අඩි 7 රවුම් වූද අඩි 2 පළල ඇති අඩි 2 උස වූ සූර්ය පළිඟු ප්‍රතිෂ්ඨාපනය කෙරේ.
මෙම විමානවල බොහෝ විට මහල් තට්ටු ඇත. ශකුණ විමානවල (දඬුමොනර වර්ගයේ) තට්ටු 3කි. මේ එක් මහලක් අඩි 14 උසය. පහළ මාලය යානයේ ගමන්කරන මගීන්ට ඉඩකඩ සලසන කුඩා තැටිවේ. පතුළින් පහළ පිටත වාතය පොම්ප කරන යන්ත්‍ර 4ක් ඇත. මේවා ක්‍රියාත්මක කරවීමට වාෂ්ප ඉන්ජින් 4ක් ද සවිකෙරේ.
දෙපස ඇත්තේ විහිදවීමට සහ හැකිළවීමට හැකි පියාපත් දෙකකි. යානයේ ඉදිරිපස දෙපැත්තේ ශක්තිමත් සරනේරුවලින් මේවා සවි වී ඇත. ඉදිරිම තුඩෙහි සුළං - පෙති ඇති අතර දිගු ලෝහ දණ්ඩකින් රත්කරන යන්ත්‍රයට සවිව තිබේ. යානයේ වල්ගය ආරම්භයේදී උස අඩි 4ක් වන අතර ක්‍රමයෙන් උස වැඩිවී අඩි 20ක් දක්වා විශාල වේ. යානය ගුවන්ගත කරනවිට බිමට පහත් කරනවිට පියාපත් සහ වල්ගය ක්‍රියාත්මක කරවීමට එය රැහැන්වලින් නියමු කුටියට සම්බන්ධ වී ඇත.
අඩි 7ක වට ප්‍රමාණයක ඇති රෝද 4ක් යානයේ සතර දිශාවෙහි යානයට පිටින් සවිවන්නේ පොළව මත ගමන් කිරීමටය.
යානය ගමන් කරන ඉහළ අවකාශය සීතල බැවින් උණුසුම් වායු පීඩන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වේ. පිටත ඇති ශීතල වායුව යානය තුළට ඇදගත් පසු රත්කළ තෙල් දැල්ලෙන් උණුසුම් කර උෟෂ්මක යන්ත්‍රයට ඇතුළු කෙරේ. යානය තුළ ඇති ගිනි දැල් පිටට යාම වළක්වාලීමට ලෝහ ආවරණයක් යොදා ඇත. වායු දහනයට නැගෙනහිරින් තෙල් උණුසුම් කිරීම සඳහා ආලෝක යන්ත්‍රයක් සවි කෙරේ. සූර්ය ආලෝකය ඒ තුළට ලබා ගෙන මන්තර මඟින් උණුසුම් කර අග්නිසය හා උණුසුම ඇති කර ගනු ලැබේ.
විමානයක ඇති ප්‍රධාන කොටස් කීයද? මොනවාද?
විමානයක ඇති කොටස් 31කි. ඒවා නම් වශයෙන් පහත දැක්වේ.
1. විශ්වක්‍රියාදර්පණය නමැති පිටත සිදුවන දේ නරඹන කණ්ණාඩිය.
2. ශක්තියාකර්ෂණ නමැති පිටත ඇති ශක්තීන් ඇද ගන්නා කණ්ණාඩිය.
3. විමාන වහල මත ඇති පරිවේෂ යාන්ත්‍රණ පද්ධතිය.
4. හත් වැනි බන්දු කීලයෙදී හකුළන අංහෝප සම්හාර යන්ත්‍රය.
5. විස්ත්‍රික ක්‍රියා නමැති විවෘත කරන යන්ත්‍රය.
6. විරූප දර්පණය නමැති යානය විකෘති කර දක්වන කණ්ණාඩිය.
7. විමානය කෙරෙහි ඇති කුන්තනී - ශක්ති යන්ත්‍රය.
8. පුෂ්පිනී හා පින්වුලා කණ්ණාඩිය.
9. මූලයේ ඇති ශක්ති උද්ගාම මධ්‍යස්ථානය
10. පංච වාතස්කන්ද නාළයන්.
11. ශීර්ෂයේ පිහිටි ශිරතිලකය.
12. වටේ ඇති ශබ්ද කේන්ද්‍ර මුඛයන්.
13. විමාන මුදුනේ පිහිටි සුර්ය බලය ආකර්ෂණයකරණය
ආදී වශයෙන් අංගයන් 31 ඇත.
විමානයක් ගමන් කරවීම සිදු කරන්නේ කෙසේද?
යානයක් නිපදවන්නේද පදවන්නේද විමාන ගුරුකුලයක ශිෂ්‍යයන්ය. මේ ඇතැම් විට එක් අයෙකි. ඇතැම් විට දෙදෙනකුය. පළමුවෙන් නියමුවා විසින් දැන ගත යුතු රහස් 32ක් ඇත. අංග සම්පුර්ණ “දූතයකු” (Pilot) වන්නේ එවිටය. විමානය සෑදීම හා පැදවීම යන කරුණු දෙකම ඔහු දත යුතුය. එම රහස් 32න් සමහරක් මෙසේය.
1. මන්ත්‍ර- භෛරවී, වේගිනි, චින්තමස්ත, සිඬම්බර, ගුතිකා, භුවනේස්වර ආදී විවිධ කණ්ඩවල මන්තර ඇත. නොකැඩෙන, නොබිඳෙන, ගිනි නොගන්නා, කැපිය නොහැකි යානයක් නිපදවීමට නම් අමුද්‍රව්‍ය සියල්ල භූවනේස්වර මන්ත්‍රය ජපකර “සිඛ්”කළ යුතුය. නේපාලයේ කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපලට අදත් “භුවනේසර්” නමින් හැඳින්වේ.
2. තන්ත්‍ර - මහාමායා, සම්භාර වැනි යන්ත්‍රක බලයන් ලබා ගෙන යානයට ඒවා ආදේශ කරවීමට ත්‍න්ත්‍ර විධි දත යුතුය.
3. ක්‍රීටක -විවිධ මෝස්තරවල විමානයන් සෑදීම සඳහා විශ්වකර්ම, ජායාපරුස, මනු, මායා ආදී ප්‍රවීණ සැලසුම්කරුවන්ගේ ක්‍රම සහ විධි දත යුතුය.
4. අන්තරාළ - වායුතල වෙනස්වන සීමාවන්හිදී, සුළංවැල් එකිනෙකට ගැටෙන මායිම්වලදී, තවත් යානයක ගැටීමට යාමේදී අනතුරු මඟහරවා ගැනීම හෝ යානය නතර කිරීමට දත යුතුය.
5. අදුෂ්‍ය - වායුගෝලයේ විවිධ චලනවලින් “බලනාවිකරණ” ශක්තිය ඇද පෙරාගෙන ශ්වේත ආවරණයන් මවා ගැනීම මඟින් නොපෙනීමට සැලැස්වීම.
6. සංකෝච (හැකිලීම) - යානය තම සියලු අංගෝපාංග විහිදුවාගෙන ගමන් කරන විට අනතුරක් ඉදිරියෙහි ඇති බව හැඟී ගියහොත් අදාළ “ස්විච්” එක ඔබා විහිදී ඇති අංග හකුලුවා ලීම.
7. තමෝමායා - යානයේ වයඹ දෙස ඇති තමෝ යන්ත්‍රෙයන් පූර්ණ ඝනාන්ධකාරය දැවීම.
8. ජලද රූප - විමානය වලාකුළක් සේ පෙනෙන්ට සකස් කිරීම.
මේ වැනි රහස් කාරණා 32ක් මේ ආකාරයෙන් ඇත. එසේම යානය වලාකුළක් වෙනුවට පුෂ්පයක් ලෙස ද පෙනෙන්ට සැලැස්වීය හැක .ඒ බැවින් රාමායනය විසින් රාවණාගේ ගුවන්යානය “පුෂ්පක” යානය ලෙස නම් කර ඇත.
යානය නොහොත් (විමානය) පදවන නියමුවන්ගේ ආහාර කෙබඳු විය යුතුද?
ආහාරාධිකාරය - පොළොවට බලපාන ආකාරයේ ඍතු අහසට ද බලපාන නිසා ඍතුවලට අනුව ආහාර මූලධර්මයන් ද වෙනස් වේ.
1. වසන්ත හා ග්‍රීස්ම ඍතුවල දියර ලෙස මී කිරිද, ධාන්‍ය ලෙස ආදත හෝ තෘවා පරිප්පුද මස් ලෙස බැටළු මස් ද යෝග්‍යය.
2. ගිනි ඍතුවේ එළු කිරිද, යව සහ තම්බන ලද ගේ කුරුලු මස් ද ආහාරයට ගැනීම සුදුසුය.
3. වර්ෂාව සහිත සරත් සමයේදී එළකිරි, තිරිඟු හා කළු කව්පි ද කුකුළු මස් ද ගැනීම යෝග්‍ය.
සෘතු වෙනස්වීම්වලින් අහිතකර විෂ ඉපදවීම සුදුසු ලෙස වෙනස් කිරීමෙන් අහිතකර තත්ත්වයන් වළක්වාගත හැක.
අහසේ ඇති ජලීය ස්වභාවයේ වෙනස්වීම් සහ ජලීය ප්‍රමාණයේ අනුපාත අඩුවැඩිවීම් ශරීරයට විවිධාකාර ලෙස බලපායි. අහස් වායුවේ ඇති බලවේග 101 ප්‍රමාණය 1/16 ජලය ඇති 7වන අවකාශ ස්ථරයේදී සිතීවාලි හා කුහෝ යෝග සමඟ ගැටේ. මේවා පසළොස්වක හා අමාවක දිනවල පුර හා අව පක්ෂවලට වෙන් වේ. යහපත් ප්‍රතිඵල පුරපක්ෂයේ ද අයහපත් ප්‍රතිඵල අවපක්ෂයේ ද ඇතිවේ. මේ සියල්ල දැන ගෙන ජලය පානය කළ යුතුය.
ආහාර ගන්නා වේලාව (අභ්‍යාවකාශයේදී හෝරාව දත යුතුය) හා ආහාර වේල් ගණන දැන ගැනීම ඉතා වැදගත් වේ.
ආහාර ගත යුත්තේ පැය තුනක යාමයන් දෙකක් හෙවත් පැය 6ක අන්තරයක් ඇතිවය. අභ්‍යාවකාශ ගමන්වල සති හා මාස ගණන් ගමන් කරන විට ආහාර සාරයන් ගුලි හා බෝල ලෙසද දියරයන් ලෙස ද සකස්කර ගැනීමට සිදු වේ. තුනපහ, කුළු බඩු හා ලුණු ඊට මිශ්‍ර කළ යුතුය.
වර්ග පහක ආහාර නියමුවන්ට ඇත. 1. පිසූ ධාන්‍ය හෝ බත්, 2. කැඳ වර්ග, 3. පිසූ තිරිඟු පිටි හා වෙනත් පිටි වර්ග, 4. පැතලී රොටි, 5. සාර වර්ග උකහාගෙන සෑදෙන ආහාර වර්ග ලෙස ගත හැකිය.
ආහාර ද්‍රව්‍යවල ලෙලි හා පොතු ඉවත් කර පිටි බවට පත් කර සියුම්ව අඹරා ගෑනේ. එවිට බර 8/1 අඩු වේ. ඊට ශාක ක්ෂාර වර්ග ද, පැණි රස, කුළු බඩු, එළඟි තෙල් එකතු කර චූර්ණ නොහොත් ගුලි සාදා ගනී. මේවා රසයෙන් හා සුවඳින් යුක්ත නිසා ශරීරය පිනවයි.
ධාන්‍ය ආහාර නැති විට හෝ ඊට අමතරව අල, ගෙඩි, කරල් හා පලතුරු වර්ග ගෙන ඒවා පිටි ලෙස, සිරප් ලෙස, හකුරු ලෙස මී පැණි එළකිරි ගිතෙල්, තල් සහිත පාන ගඩා ගෙඩි ආදිය ද ආහාරයට ගැනේ. කුඩා ගෙඩිවල (බෝවිටියා ඇඹිල්ල පේර වැනි) ශර්තරා, ලුණු ඇසිඩ් වර්ග හා ඇල්තලයින් අඩංගුය. මේවා කල්පවත්නා ලෙස කුඩු කර හා තලප ලෙස සකස්කර නරක්වීමට විරුද්ධව ඖෂධ හා සංයෝග කර හෝ අාලේප කර තබා ගැනේ.
අල සහිත ආහාර හා එළවළු වර්ග 16කි. පලතුරු වර්ග 32කි. අල වර්ගවලින් සැදූ ආහාර මොළය වඩා, ඇඟ සවිමත් කර ඇට කටු ශක්තිමත් කර ශක්තිය ලබා දේ. පලතුරු ආහාරවලින් රුධිරය ධාවනය යහපත් කර බුද්ධිමත් බව හා ශරීර දියර සපයයි.
තෘණ වර්ගවලින් පලා වර්ගවලින් කුඩා පැළෑටි වර්ගවලින් හා පඳුරු වර්ගවලින් ද ආහාර සකසා ගත හැකි. දුර්වා තෘණ වර්ග හයක්, මන්ජු තෘණ වර්ග හයක්, දර්භා නම් දීර්ඝ තෘණ වර්ග හයක්, සෞන්දීර වර්ග හයක්, අශ්ව තෘණ නොහොත් සල්, සාරු වේලි, චන්ද්‍රවේලී, මධුවේලී සුගන්ධා හා සුර්යවේලී මෙසේ ආහාරයට යොදා ගන්නා පැළැටි හා තෘණ වර්ග ලෙස හඳුනාගැනීමට හැකිය.
විමානයේ පදවන නියමුවන්ගේ ඇඳුම නොහොත් (වස්ත්‍රාධිකාරය) කෙබඳු විය යුතු ද?
විවිධ සෘතුවලට අහසේ ගමන් කරනා දුරට අනුවත් නියමුවා විසින් අඳිනු ලැබිය යුතු ඇඳුම් පැලඳුම් විවිධ වේ. කැරකෙන ගෝලය මත (ලෝක ගෝලය කැරකෙන බව දැන සිටියහ) සූර්යා ලෝකය ලැබෙන විට සහ ගෝලයේ ඇල වීම මත ඇතිවන ඍතු විපරියාසවලට වායු ගෝලය තුළ ගමන් කරනවිට මුහුණ දිය යුතුය. නියමුවාට බලපායි. මස්පිඩු තදවීම, රුධිර ධාවනය, තෛල කොටස්වල ඝනත්වය, මංශ කොටස්වල වැඩිම හා ක්ෂ්‍ය වීම ඇතුළු විවිධ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයන් මේ අනුව වෙනස් වේ. ඍතු වෙනස්කම් අනුව සිදුවන අයහපත් බලපෑම් 25කි. ඒවා හම, ඇට, මස්, මේදය, මස්පිඩු, ස්නායු යන ආදියට බලපායි. මේ අනුව නියමුවාගේ ඇඳුම සකස් වීම සිදුවිය යුතුය.

සේද කපු පෙළ ලෝම මයිකා හම් යන රෙදිවල මයිකා සංතෘප්ත සේදු නූල් කැටීමෙන් අනතුරුව 25වරක් සේදිය යුතුය. කේතකි මල් කෙදී, අර්ත, මදාරා, සූර්යකාන්ත, ජූට් කෙඳි ආදීය නම් ඉහත පරිදි අට වරක් සෝදා නූල් කැට රෙදි විවිය යුතුය. ඉන් අනතුරුව තලතෙල්, තුලසි නොහොත් බැසිල්, ෂාම් නොහොත් ඇකේෂියා ඝන අබ තෙල්වලින් හොඳින් පොඟවා තබා දිනකට පස් වරක් බැගින් දින 7ක් අව්වේ වේළාගත යුතුය. ඉන් අනතුරුව දාස් පෙති, කොත්තමල්ලී, මී පැණි, තල ඉස්ම හා මයිකාවලට, සමාන සපක්ෂර ලුණු ගෙන රවුම් භාජනයකට දමා ඉදිබු උඳුනක තබා තුන් පැත්තකින් ගිනි පිඹින මයින හම්වලින් රත්කර පැසෙන්නට හැර එඬරු තෙල් එයට එකතු කළ යුතු වෙයි. මී පැණි, මයිකා, ෂින්ජරි, දියමන්ති කුඩු, බොරැක්ස් හා අශෝක ගෙඩිවල යුෂ එකට දමා උණුකර ඉහත සඳහන් මිශ්‍රණයට දමා “ගාහතාපාන” යන්ත්‍රයෙන් උණුකරගත යුතුය. ඉන්පසු පස්වසරක් වේළීම අවශ්‍ය. නියමුවාගේ ශරීරයට ගැළපෙන පරිදි ඇඳුම කපා මසා ගන්නේ ඉන් අනතුරුවය.
විමාන ගමන් කිරීම සඳහා ගුවන් ධාවන පථ තිබේද?
විමාන ධාවනය සැලකීමේදී අහස්කුස කලාප 5කට බෙදේ. මෙම කලාප 5 තුළ පන්ලක්ෂ දහනව දහස් අටසීයක් (5,19,800) ගුවන් ධාවන පථ ඇත. මින් ලෝක හතටම ගමන් කළ හැකිය.
1. රේඛාපත කලාපයේ 1-4 කොටස් භූ ලෝක විමානවල සඳහා සුදුසුය.
2. මණ්ඩල කලාපයේ 3-5 කොටස් භූවර් ලෝක සුවර්ලෝකය සහ මහෝලෝක ගමන්වලට සුදුසුය.
3. කක්ෂ කලාපයේ 2-5 කොටස් ජනේලෝක විමානවලට යෑමට සුදුසුය.
4. ශක්ති කලාපයේ 1-6 කොටස් තපෝලෝක විමානවලට යෑම සඳහා සුදුසුය.
5. කේන්ද්‍ර කලාපයේ 3-11 කොටස් බ්‍රහ්ම ලෝක විමානවල ගමන් සඳහා සුදුසුය.
වාසුලි බහුලත්වය-
1. රේඛාපතහි ශක්තහවර්ථ නොහොත් ශක්ති සුළං බහුලය.
2. මණ්ඩලපතහි සුළංවලින් උපදවන සුළි ඇත.
3. කක්ෂ්‍යපථහි සුර්ය රශ්මියෙන් ඇති වන සුළි බහුලය.
4. ශක්තිපථයෙහි ශීත වායු වැල් නිසා ඇතිවන ශීතාවර්ථ සුළි ඇත.
5. කේන්ද්‍රපථහි ගැටුම්වලින් ඇතිවන ඝර්ෂණාවර්ථ නම් සුළි ඇත.
ගුවන් ගමනකදී විමානවල නියමුවන් ඉහත සඳහන් ගුවන් පථ හා එහි ඇති බාධක දැන ගැනීම අත්‍යවශය වේ.
විමාන වර්ග කොපමණ ප්‍රමාණයක් තිබේද? ඒ මොනවද?
ශකුණ විමාන, ත්‍රිපුර විමාන, සුන්දර විමාන, රුක්ම විමාන ලෙස විමාන වර්ග 4කි. ශකුණ විමානයට කුරුල්ලෙකුගේ හැඩය ගැනීමට හැකි අතර වේගය අඩු වැඩි කිරීමේ හැකියාව ද මෙම විමානය සතුව පවතී. එසේ ත්‍රිපුර විමානයට තට්ටු තුනක් ඇත. බිම් තට්ටුවෙහි රෝද සවි කර පොළොව දිගේහි යා හැකිය. දෙවැනි තට්ටුවට දියමතුපිට හා දිය යටින් යෑමට හැකියාවක් තිබේ. තුන්වැනි තට්ටුවට අහසෙහි යා හැකිය. සුන්දර විමානය රවුම්ය (පියාඹන පිරිසියක් වැනි හැඩයක් ඇත.) රුක්ම විමානය රන්වන් පැහැයෙන් යුක්ත නිසා එම නම යෙදේ.
සාකච්ඡාව සහ සටහන
මනෝජ් හර්ෂික මධුෂාන්
ඡායාරූප අන්තර්ජාලයෙනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහත්තය මේ මොනවා කියනවද ? තාම සුද්දට ඇඳුම් මහන්නේ අපි .අපි නැත්නම් තාම සුද්දට ඇඳුම් නැහැ . හැබැයි පොඩි අවුලක් තියෙනවා . අපිට රෙදි නැහැ . සුද්ද තමයි අපිට රෙදි දෙන්නේ .
අපි ගුවනින් ගමන් කළ බව පිළිගන්න පුළුවන් උනත් මේ විදියේ යානාවන් පැවතීමත් මේ තරම් විශාල සහ දිය ගොඩ ගමන් කළ හැකි යානා පැවතීම සැක සහිතය. අනෙක් අතට යානයට අවශ්‍ය උඩුකුරු තෙරපුම් බලය ලබා ගත් ප්‍රභවය කුමක්ද ?
හරි හිතා ගන්න බැරි උනත් උඩින් ගියයි කියමුකෝ. දැන් අපිට ඒ තාක්ෂනය ආයේ හොයා ගන්න බැරි නං මේ ප්‍රලාප කිය කියා ඉඳල ඇති වැඩේ මොකද්ද ? ඕන නං සුරංගනා කතාවක් විදිහට ළමයින්ට කියල දෙනවා ඇරෙන්න.
ජයා ඔබ හරි . පම්පෝරි ගහන්නේ නැතුව වැඩ කරමු .
අනේ මන්ද...පරණ දේවල් කිය කිය ඉන්නවා මිසක් ඔය කියන ඥානයෙන් දැන්වත් යමක් කරලා පෙන්වන්න පුලුවන්ද? අපේ රටේ වවන එලවළු සහ පලතුරු වලින් 40-50% ක් විතර නැති නාස්ති වෙලා යනවා ඇසුරුම් සහ ප්‍රවාහන දුෂ්කරතා නිසා. මේ වගේ දාහක් ප්‍රශ්ණ තියෙනවා සරල විසඳුම් දෙන්න පුළුවන්. අන්න ඒ වගේ යමක් වෙන දෙයක් ගැන කතාකරමු .
මේ කරන්නේ රාවනා නැමති බොරුව සිංහලයාට ජානගත කිරීමට සැරසීමයි. වසර මිලිිියන ගනනක පොසිල ඇතත් මේ රාවන රජ කාලයේ යකඩ තහඩු කෑල්ලක් සොයාගෙන නැත. (දකුණු ඇමරිකාවේ ඉන්කා ශිශ්ඨාචාරයේ නටබුන් ඇත) අපි මෙවැනි ජානගත බොරු කීපයක් නිසා ලෝකයේ පසුගාමිව සිටී. 1 පුනරුත්පත්තිය 2 නිවාස පාද බෙදීම් ඇතුලත් තක්කඩි වාස්තු විද්‍යාව ( මොරටුව විශ්වවිද්‍යාලයේ ඇති වාස්තු විද්‍යාව නැමති වචනය හොරකම් කර ඇත) 3 රාහු කාලය ඇතුලු නැකත් 4 සිංහලයා ජාතීන් අතර අති ශේරෂ්ඨ යයි සිතීම 5 බුදුන් ලක්දිවට වැඩියා යැයි කීම
මහාචාර්යතුමා ලියල තිබුදේ හරියට සුරංගනා කතාවක් වගේ. ඔය කතා පරණ බමුණන්ට නම් හොදයි. බටහිර රටක ඉගෙනගත් මට පෙනුන මේ රටවල අතීතයේ තිබුන යාන්ත්‍රික දේ වැඩි දියුණු කිරීමෙන් තමා අලුත් දේ නිපදුවේ කියලා. පරණ දේ ගැන කියා ඉන්නේ නැතුව මහන්සිවෙලා වැඩ කලා.
මේ වගේ අසත්‍ය ජනගත කරන අය මේකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?අතීත කාමයවත්,පම්පොරියවත් රටක් ඉදිරියට ගෙනියන්නේ නැහැ.ඔය මහත්තයා එහෙනම් හදන්නකෝ ඔය අහසින් යන විමානයක්.අපි ගැන හරි දුකයි මහත්තයෝ.සුද්දා හදලා ගිය තේ ටිකයි,රේල් පාරවලුයි,ජන්ද ක්‍රමයෙන් පාලකයන් පත්කර ගැනීමයි පාරවල් ටිකයි නැත්නම් අදත් අපි ඒකාධිපති රජ කෙනෙකුගේ බැලයෝ.