IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


චීනයේ අයිස් තට්ටු අතරේ මාරක වයිරස සැඟවිලා

අයිස් දියවුණොත් මහ විනාශයක්

 

 

 

චීනයේ හුබෙයි පළාතේ, වූහාන් නුවරින් ආරම්භ වුණු නව කොරෝනා වයිරසය ලොව කැලැඹීමට සමත් වී ඇත. කොරෝනා යනු සතුන්ගෙන් මිනිසුන්ට පැතිරෙන වයිරස වර්ගයකි. මෙම නව කොරෝනා වයිරසයේ සුලමුල තවමත් අපට අබිරහසකි. එය චීන විද්‍යාඥයන් විසින් වැඩි දියුණු කළ වයිරසයක් බවත්, අත්වැරදීමකින් වූහාන් වැසියන් අතරේ පැතිර ගිය බවත් පැවැසෙයි. 


මේ සටහන නව කොරෝනා වයිරසය ගැන නොවෙයි. නව කොරෝනා වයිරසයට වඩා බිහිසුණු, විද්‍යාඥයන්ට ආගන්තුක, වයිරස රැසක් වසර 15,000 ක් තිස්සේ, චීනයේ ටිබෙට් සානුවේ ගුලියා නමැති ග්ලැසියරයේ අයිස් තට්ටු අතරේ තැන්පත් වී ඇති බවත්, දිනෙන් දින ඉහළ යන ගෝලීය උණුසුම හේතුවෙන් ග්ලැසියරය දියවී, මෙම මාරක වයිරස ද පරිසරයට මුදාහැරෙනු ඇති බවටත් විද්‍යාඥයෝ බිය පළ කරති. ටිබෙට් සානුවේ ගුලියා ග්ලැසියරයේ තැන්පත් වුණු වයිරස සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන්නේ අද ඊයේ නොවෙයි. 1992 වසරේ සිටය. 1992 සිට 2015 වන විට වයිරස වර්ග 28 ක් විද්‍යාඥයෝ සොයා ගත්හ. මෙම වයිරසවලට කිසිදු ප්‍රතිකර්මයක් නොමැති අතර, මේවා මනුෂ්‍යයන්ට ආසාදනය වුවහොත් කොරෝනා වයිරසවලටත් වඩා බිහිසුණු බව විද්‍යාඥයෝ පැහැදිලි කරති. ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යද්දී අයිස් තට්ටු දියවී, වයිරස වාතයට මුදාහැරීම සිදු වුවහොත්, එය සතුන් හරහා මිනිසුන්ට හෝ සෘජුව මිනිසුන්ට ආසාදනය විය හැකි බව ද විද්‍යාඥයෝ වැඩිදුරටත් කියා සිටිති. ග්ලැසියරයෙන් ලබා ගත් වයිරස සාම්පල ඇමෙරිකාවේත් රුසියාවේත් චීනයේත් අධිආරක්ෂිත පර්​ෙ‌ය්ෂණාගාර තුළ සෙල්සියස් අංශක ඍණ 3 ක උෂ්ණත්වයක් යටතේ තැන්පත් කර තැබෙන අතර, ඒවා යොදා ගනිමින් පර්​ෙ‌ය්ෂණ කටයුතු සිදු කෙරේ. 
2016 දී වසරේ දී, රුසියාවට අයත් ආක්ටික් පළාතේ, උතුරුදිග සයිබීරියාවේ, උණ රෝගයක් හේතුවෙන් 40 දෙනකු රෝහල් ගත කෙරුණි. උණ රෝගය පැතිරීම ආරම්භ වූයේ සයිබීරියාවේ 12 ගෝත්‍රික දරුවකුගෙනි. රෝගය උත්සන්න වී දරුවා මියගියේය. දරුවාගෙන් තවත් ගෝත්‍රිකයන් 40 දෙනකුට රෝගය ආසාදනය විය. රුසියන් රජය එරට හමුදාවේ, ජීව අවි සම්බන්ධ හමුදා විශේෂඥ දැනුමක් ඇති සොල්දාදුවන් වහා ක්‍රියාත්මක වී, රෝගය කුමක්දැයි සොයා බලද්දී, මාරක ඇන්ත්‍රැක්ස් විෂබීජ රෝගයට හේතුව බව අනාවරණය කර ගත්තේය. 


ඇන්ත්‍රැක්ස් කුඩා දරුවාට ආසාදනය වී ඇත්තේ වසර 70 ක් අයිස් තට්ටු යට සැඟව තිබුණු, ගෝලීය උණුසුම හේතුවෙන් අයිස් දියවී වාතයට නිරාවරණය වුණු පිනිමුවකුගේ සිරුරක් තුළ බව පසුව අනාවරණය විය. මෙම සිදුවීම ලොව කැලඹීමට සමත් විය. කෙසේ නමුත් රුසියන් රජය සහ හමුදාව එම වයිරසය වසංගත තත්ත්වයක් බවට පත් වීමට ඉඩක් ලබා දුන්නේ නැත. පිනිමුවාගෙන් සිරුරින් වාතයට මුදා හැරුණු වයිරසය හේතුවෙන් පිනිමුවෝ 1,000 කට වැඩි ප්‍රමාණයක් මියගියහ. චීනයේ ටිබෙට් සානුවේ ගුලියා ග්ලැසියරයේ අයිස් තට්ටු දියවීමේ වේගය දිනෙන් දින වේගවත් වෙයි. අයිස් තට්ටු දියවීම ආරම්භ වූයේ 1970 වසරේ සිට බවත්, අද වනවිට ඉතිරිව ඇත්තේ ග්ලැසියරයෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක් බව කාලගුණ විපර්යාස පිටුදැකීමේ ජගත් සංවිධානය පෙන්වා දී ඇත. 

 


ලුසිත ජයමාන්න 
‘ද සන්’ ඇසුරිනි 

 



අදහස් (2)

චීනයේ අයිස් තට්ටු අතරේ මාරක වයිරස සැඟවිලා

Prageeth dias Sunday, 16 February 2020 01:34 AM

හොඳයි.

:       0       8

sam Thursday, 20 February 2020 04:18 AM

ලුසිත , ඒමන්ති මරබේ, දිනසේන රතුගමගේ මගේ ප්‍රියතම........

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 188 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2070 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site