IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අට මහ නිරය වෙනම පිටසක්වළක්

 

නිරය, සංකල්පයක්ය යන තැනින් එහාට ගමන් කරන්නට මේ සමාජය කැමැති නැත. නිරය පිළිබඳ පැහැදිලි බුද්ධ දේශනාවක් වෙත් නම්, බුද්ධ දේශනාවේ දිව්‍යලෝක, ප්‍රේතලෝක, නිවන ආදී සෙසු සියල්ල විශ්වාස කරන බෞද්ධයෝ නිරය සංකල්පයක් හැටියට සලකන්නේ ඇයි? ධර්මයේ හැටියට එය මිථ්‍යා දෘෂ්ටියකි.

 
ඊළඟට මේ සමාජය මුළුමනින්ම පාහේ ගුණධර්ම වලින් කෙතරම් ජරා ජීර්ණ වූ ‘ගෝස්තරවාදී’ මෙන්ම ‘ගෝත්‍රවාදී’ සමාජයකි. එහි මිනිස්සු වැඩිපුර වෙහෙස වෙන්නේ මෙලොව බැබළීම පිණිසය.  

  
ඔවුහු දේශපාලනයට ගියවිට මහජන දේපළ සොරා කති. රස්සාවට ගිය විට පොදු දේපළ සොරා කති. අල්ලසට ගිජුවෙති. පින් - පවු නොතකති. තම බිරිඳ සිටිද්දී පර අඹුවන් වෙත යති. තම ස්වාමියා සිටිද්දී පර පුරුෂයන් ​සොයා යති. භික්ෂූන්ට ගරහති. ඇතැම් ගිහියෝද සඟ සතු දෑ සොරාකති. මවු-පියන්ට ගරහති, ඔවුහු මරති. මේ සියලු දෙනා නිරයට වැටීම ස්ථිර බව ධර්මයේ විස්තර වෙයි.  


නිරය යනු මනුෂ්‍ය ලෝකයෙන් පරිබාහිර වෙනම ලෝකයක් බව අපි විස්තර කළෙමු. බුද්ධ දේශනාවේ ‘නිරය විෂය’ කොයිතරම් පැහැදිලි කරනවාද යත් නිරයට මහපොළොවේ සිට ඇති දුර පවා දක්වා තිබෙයි. ඒ අනුව එය වෙනම පිටසක්වළක් බව පැහැදිලි කර ගැනීම අපට අපහසු නොවන්නකි.  


බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් අට්ඨ කතාදී බණ පොත්වලටත් අනුව අටමහා නිරය මැනවින් විස්තර කෙරෙයි. අටමහා නිරය ලෙස අංගුත්තර හා සංයුක්ත අට්ඨ කතාවේ දක්වා ඇත්තේ සංජීවය. කාල සූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය හා අවීචියයි.  


මෙයම ධර්මයේ ඇතැම් තැනක අන්‍යතර නාමවලින් විස්තර කෙරෙයි. ඒවා නම් අබ්බුද, නිරබ්බුද, අබබ, අටට, අහහ, කුමුද, සෝගන්ධික, උප්පල, පුණ්ඩරික හා පදුමයි.   


මේ මහා නිරයන් අට පිහිටියේ කොහිද? ඒවායේ ස්වභාවය කෙබඳු ද යන්න මේ ලිපියෙන් විස්තර කෙරෙයි.  


මහ පොළොවේ සිට ගත් විට යොදුන් 15,000ක් දුරින් සංජීව නිරය පිහිටා තිබෙයි. යොදුනක් යනු සැතපුම් 16ක් වේ. ඒ අනුව සංජීව නිරය පිහිටා ඇත්තේ මහ පොළොවේ සිට සැතපුම් 240,000ක් දුරිනි. සංජීවයේ උපදින්නේ සත්ව ඝාතන ආදී පාපකර්ම ජීවිකාව ලෙස කරගත් සත්ව ඝාතනයට රුචි වූවෝය. නිරයේ දඬුවම් දෙන යමපල්ලෝ මෙහි උපදින නිරි සතුන්ගේ අත් පා කපා දමති. එයින් බේරෙන්නට මේ නිරි සත්තු දිවයති. සැඟවෙති. කෑමොර දෙති. එහෙත් යමපල්ලන් ඇදගෙන විත් තියුණු ආයුධ ලෙළෝවමින් අත් පා කපති.   

 

 

එහෙත් මේ නිරිසතුන් මැරෙන්නේ නැත. සංජීවයේ උපන් නිරි සත්වයකු එහි මුළු ආයුෂයම වන නිරා වර්ෂ 500ක් එහි ගෙවිය යුතුය. සංජීවයේ එක දවසක් යනු මනුෂ්‍ය ලෝකයේ අවුරුදු ලක්ෂ 9කි. එවැනි අවුරුදු 500ක් මෙහි ඉපදුනෙකු ගත කළ යුතුය.  


බුදුරජාණන් වහන්සේ පිට ලෝකයක් ලෙස දේශනා කළ දෙවැනි අටමහා නිරය කාල සූත්‍රයයි. එහි උපදින්නේ මවුපියන්ට ගුරුවරුන්ට වැරදි ආචාර සමාචාර කළවුන්, ගැරහුවන් සහ මිථ්‍යා දෘෂ්ටිකයෝය. කාලසූත්‍රය පිහිටියේ සංජීව නිරයට වඩා යොදුන් 15,000ක් යමිනි. එනම් මහ පොළොවේ සිට යොදුන් 30,000ක් යමිනි. මහපොළොවේ සිට සැතපුම්වලින් නම් 480,000ක් යමිනි. මෙහි ආයුෂය නිරා වර්ෂවලින් (නිරයේ වර්ෂවලින්) අවුරුදු 1000කි. සංජීව නිරයේ එක දවසක් කාල සූත්‍රයට එක දවසක් වේ.   


කාල සූත්‍රයේ උපදින්නන් ගිනියම් වූ මහ පොළොවේ දමයි. කෑමොර දෙද්දී ලී දඬු රහින්නා සේ යමපල්ලෝ විසින් කෙටේරිවලින් නිරි සතුන්ගේ ශරීරය රහිති. එහෙත් මේ නිරි සත්තු මැරෙන්නේ නැත.   


සංඝාත නිරය බුදුරජාණන් වහන්සේ දේශනා කළ තවත් පිටස්තර ලෝකී නිරයකි. මෙය අටමහා නිරයේ තුන් වැන්නයි.  


මෙහි උපදින්නේ ගවයන්, එළුවන්, කුකුළන් ආදී සතුන් ව්‍යාපාර පිණිස ඇතිකර ඔවුන් මරා දියුණු වීමට උත්සාහ කරන මනුෂ්‍යයෝය.  


සංඝාතය පිහිටියේ කාල සූත්‍ර නිරයට යොදුන් 15,000ක් යමිනි. මහපොළොවේ සිට යොදුන් 45,000ක් ඈතින් හා යටිනි. සැතපුම්වලින් ගත් විට 720,000ක් දුරිනි. සංඝාත නිරයේ දිනවලින් අවුරුදු 2000ක් මෙහි සිටිය යුතුය. කාල සූත්‍රයේ දින 4ක් සංඝාතයට එක දවසකි.   


සංඝාතයේ නැගෙනහිර දිශාවෙන් ගර්ජනා කරමින් හෙණ වර්ශාවක් යකඩ පර්වත සොලවමින් හමා යයි. එවිට මෙහි උපන් නිරි සත්වයෝ ගිනියම් වූ පොළොවේ එරී ගොස් හිස් උක් දඬු රොඩු ගාණට ඇඹරී මිරිකී යයි. එහෙත් නිරයේ ආයුෂ ගෙවෙන තුරු මියයන්නේ නැත.   


සංඝාත නිරයේ සිට යොදුන් 15,000ක් යටින් පිහිටි රෞරවය මහ පොළොවේ සිට ගත් විට යොදුන් 60,000ක් ඈත යටින් පිහිටා ඇතියකි. මහා පෙ​ාළොවේ සිට සැතපුම් 960,000ක් දුරින් පිහිටියේය. සංඝාතයේ දිනවලින් අවුරුදු 4000ක් මෙහි උපදින නිරි සතුන් දුක් විඳිය යුතුය. සංඝාතයේ දවස් 4ක් මෙහි එක් දවසකි. රෞරවයහි උපදින සත්වයෝ එයට දොරටු 9කින් ඇතුළු වෙති. එහි ගිය පසු පැසෙන ලෝදියෙන් ශරීරයම පුච්චා දමති. එහෙත් ආයුෂය ගෙවෙන තුරු මැරෙන්නේ නැත.  


බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකයෙන් පිටස්තරව දේශනා කළ තවත් ලෝකයක් වන්නේ මහා රෞරවය නම් නිරයයි.   


එහි රන් පාටින් බබළන ගිනි ජාලා පිරී ඇත. නිරි සත්තු මේ ගිනි ජාලාවට හසු වී දැවෙති. අලුවෙති. එහෙත් නැවත නැවත ශරීරය හට ගනිමින් පවු විපාක දේ.  


තුනුරුවන් සතු දේපල සූරා කෑ මිනිස්සු, මහජන දේපළ මංකොල්ලා කෑ දේශපාලඥයන්, පොදු දේපල සොරා කෑ රාජ්‍ය නිලධාරීන්, සාංඝික දේපළ විකුණා ජීවත් වූවන්, මහා රෞරවයට ඇද වැටේ. මහා රෞරවය පිහිටියේ රෞරවයට යොදුන් 15,000ක් යටිනි. මහපොළොවේ සිට යොදුන් 75,000ක් දුරිනි. සැතපුම්වලින් ගත්විට දොළොස් ලක්ෂයක් දුරිනි. මේ නිරයේ එක දවසක් ​ෙරෟරවයේ දින 4කි. එවැනි වර්ෂ 8000ක් මෙහි උපනොත් දුක් විඳීම අනිවාර්ය වේ.   


තාපය අටමහා නිරයෙහි සය වැන්න තාපයයි. එය මහ පොළොවේ සිට යොදුන් 90,000ක් දුරින් හෙවත් සැතපුම් ද‌ාහතර ලක්ෂ හතළිස් ද‌ාහක් දුරින් පිහිටා තිබෙයි. මෙහි උපදින්නේ මනුෂ්‍ය ලෝකයේදී පවු කියා දෙයක් නැත, පින් කියා දෙයක් නැත, පූජාදිය සිදු කිරීමෙහි ප්‍රතිඵල නැත, මෙලොව කියා දෙයක් නැත. පරලොවක් නැත. දෙවියන් යක්ෂයන් ආදී ඕපපාතිකව උපදින සතුන් නැත, මාර්ගඵල ලැබූවත් නැත, මවක් නැත, පියෙක් නැත ආදී වශයෙන් දසවිධ මිථ්‍යා දෘෂ්ටියේ එළැඹියෝය. තාපයේ උපන් නිරි සත්තු කෑමොර දෙද්දී ගිනියම් වූ යකඩ උල්මත හිඳුවති. ඒ උල් ශරීරය පසාරු කරගෙන යති. කෑමොර දෙමින් නිරාවර්ශ 16,000ක් මෙහි සිටිය යුතුය. මහා රෞරවයේ දවස් 4ක් තාපයට එක දවසකි.   


තාපයෙන් ද පහළට වැටෙන නිරි සත්වයෝ ප්‍රපාතයට වැටෙති. එය බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහ පොළොවෙන් පිටස්තර පිහිටි තවත් ලෝකයකි. මෙය තාපය නම් නිරයට යොදුන් 15,000ක් යටින් පිහිටියේය. එනම් මහපොළොවේ සිට යොදුන් එක්ලක්ෂ පන්ද‌ාහක් යටිනි. සැතපුම්වලින් ගත්විට ද‌ාසය ලක්ෂ අසූ ද‌ාහකි. මෙහි උපදින්නේ බුදුකෙනෙක් නැත. ධර්ම රත්නය නැත අාදී වශයෙන් බලවත් මිථ්‍යා දෘෂ්යටිට එළැඹියෝය. ඔවුහු ධර්මයක් නැතැයි සමාජයේ මතවාද හදති. බුදුවරු නැතැයි සමාජය වරදට යොමු කරති. මෙහි උපදින්නේ විරූප වීය. ප්‍රතාපය බියකරු නිදයෙන් පිරී ගිය ගිනි ජාලා ඇති නිරයකි. යමපල්ලෝ මෙහි උපන් නිරි සත්වයන්ට භයානක අවිවලින් පහර දෙමින් ගිනියම් වූ යකඩ පර්වත මත නංවති. එහෙත් එහි සුළඟට මොවුහු ආපසු බිමට වැටෙති. නැවත නැවතත් පහරදෙමින් නංවති. මෙහි ආයුෂය නිරා වර්ෂවලින් අන්තර් අර්ධ කල්පයකි. එනම් කල්ප භාගයකි. සිතීමට වත් නොහැකි කාලයක් වේ.  


බුදුරජාණන් වහන්සේ දේශනා කළ අටවැනි මහා නිරය අවීචියයි. එය මහ පොළොවේ සිට යොදුන් එක්ලක්ෂ විසිද‌ාහක් යටින් පිහිටා ඇත. සැතපුම්වලින් දහනව ලක්ෂ විසිද‌ාහක දුරකි. ඉතාම බලවත්ම දුක් සහිත නිරය වන මෙහි උපදින්නේ මව මැරීම, පියා මැරීම, බුදුවරුන්ගේ ලේ සෙලවීම, සංඝ භේදය, රහතුන් මැරීම යන පංච ආනන්තරීය පාප කර්ම කළ වුන්ය. මෙහි අායුෂ කල්පයක් දැඩි දුක් විඳිය යුතුය. එය සිතක් හෝ පහළ නොකළ යුතු නිරා දුක් ගණයට වැටේ.  


ඉහත නිරයනට අමතරව අටමහා නිරයට සතර දෙසින් ඔසුපත් නිර පිහිටයි. උද‌ාහරණ ලෙස අවීචි මහා නරකයේ හතර පැත්තේ එක පැත්තකට ඔසුපත් නිර 4 බැගින් සතර දෙසට ඔසුපත් නිරයෝ 16 කි.  


අටමහා නිරයටම ඔසුපත් නිර 128 කි. ඒ 128 ද අටමහා නිරය ද ඇතුළුව මුළු නිරයන් 136ක් වේ. ඔසුපත් නිරයන්වලට පවු අඩු - වැඩි අය තෝරා බේරා යොමුවේ. එය හරියට මනුෂ්‍ය ලෝකයේ හිරගේ තුළ ඒ ඒ වැරදි කළ සිරකරුවන් වෙන වෙනම දඬුවම් අඩු වැඩි වශයෙන් යොමු කරන්නාක් වෙති.  


නිරයේ 17 ආකාරයක දඬුවම් පවතින බව බණ පොත විස්තර කරයි.  


තවද අපගේ චක්‍රාවාට අතර පවතින මහා අඳුරු ස්ථාන කේන්ද්‍ර කරගෙන ලෝකාන්තරික නිරය, ලෝකුඹු නිරය, වේතරණී නිරය, කටුඉඹුල් නම් වෘක්ෂාකාර නිරය පිහිටා ඇත. මෙහි උපදින සත්වයෝ 9 ආකාර වන බව ද සඳහන් වේ.  

 


 
සටහන:- අසංක ආටිගල  



අදහස් (0)

අට මහ නිරය වෙනම පිටසක්වළක්

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10924 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6211 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5252 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site