IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


‘‘සුළු ජාතික පක්ෂවල එකමුතුවෙන් නව පුළුල් එකමුතුවක් හදනවා‘‘

(මොහොමඩ් ආසික්)

සුළු ජාතික පක්ෂවලට එරෙහිව ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජාතාන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට සාමූහිකව  මුහුණ දීම සඳහා  සුළු ජාතික පක්ෂ මෙන්ම සිවිල් සංවිධානද එක් කර පුළුල් එකමුතුවක් පිහිටුවීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා කීය.

ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයේ 29 වන ජාතික නියෝජිත සම්මේලන අමතමින් රවුෆ් හකීම් මහතා මේ බව පැවසීය.

මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති මෙම  සමුළුව අමතමින් තව දුරටත් අදහස් දැක්වූ හකීම් මහතා මෙසේද කීය.

      ‘‘සුළු සහ සුළු ජාතික පක්ෂ අයින් කර දමන්න පුළුවන් කියා කුමන හෝ ශක්තියක් හිතන්නේ නම් එයට  විරුද්ධව සටන් කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසය  සෑම අවස්ථාවකම ඉදිරිපත් වෙනවා.  

මෙම අවස්ථාවේදී මම ඉතාම පැහැදිලිව කියා සිටිය යුතුයි ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසය ප්‍රමුඛ පක්ෂ කිහිපයක් එකතුව අපි දැන් සැලසුම් කරනවා විශේෂයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ  සමඟත් අපේ ප්‍රතිපත්තිවලට එකඟ වන සිවිල් සංවිධාන සමඟත් එක්ව  විවෘත එකමුතුවක්  නිර්මාණය කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ රටේ සුළු සහ සුළු ජාතීන් නියෝජනය කරන  පක්ෂවලට විරුද්ධව  හට ගන්නා වූ ප්‍රජාතාන්ත්‍ර විරෝධී  ක්‍රියාවන් මැඩලීම සඳහා අපි එකතු වීමට දැන් සූදානම්ව සිටිනවා.  ඒ පිළිබඳව පූර්ව සාකච්ඡාවන්  දැනටමත් පවත්වලා තිබෙනවා.ඉතා නුදුරු අනාගතයේදී  බලවත් බලවේගයක් ලෙස මෙය ගොඩ නගනවා.

අපි දැනට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ අනෙකුත් ප්‍රධාන පෙළේ පක්ෂ පැත්තක තියලා අපි සුළු හා සුළු  ජාතික පක්ෂ එකතුව මේ එකමුතුව ගොඩ නඟනවා.විශේෂයෙන්ම පාර්ලිමේන්තු ප්‍රජාතාන්ත්‍රවාදයට අභියෝගයක් එල්ල කරමින් ප්‍රජාතාන්ත්‍ර විරෝධී ක්‍රියාවන් සඳහා තැන් කරන බලවේගවලට විරුද්ධව  එක වේදිකාවක සිට සටන් කිරීමට අපි සූදානම් වනවා.‘‘යැයිද කීය.

 



අදහස් (2)

‘‘සුළු ජාතික පක්ෂවල එකමුතුවෙන් නව පුළුල් එකමුතුවක් හදනවා‘‘

තාරක Sunday, 23 February 2020 06:39 PM

උගත්කමම නොව දැන්වත් බුද්ධිමත් සමාජයගැන දැනුම් තේරුම් ඇති අය මුල්වී වෙනත් ජාති, ආගම් හා භාෂා වශයෙන් නොසිතා මේ අන්තවාදීන් ගෙන් රටේ සාමය ආරක්ෂාකර ගත යුතුය. මොවුන් දැනුම තේරුම් නොමැති ජනතාව මුලා කොට භේද වපුරා තමන් නායකයන් යයි කියා බලයට ඇවිත් තමන්ගේම පුද්ගලික සුඛවිහරණයට හැමදා කටයුතු සලස්වා ගත් අයයි.

:       0       7

lalithm Monday, 24 February 2020 05:45 AM

මොක වුනත් ගෙනෙන්න හදපු යෝජනාව එනම් 12% ඡන්ද නැතිව පාර්ලිමේන්තු නියෝජනය අහිමි කිරීම මෝඩ අත්තනෝමතික ක්‍රියාවක්. කිසිම සුළු ජාතික පක්ෂයකට හෝ කුඩා පක්ෂයකට නියෝජනයක් නැති වෙනවා. තමන්ට හඬක් නැති වෙනකොට අන්තවාදීන් නිකම්ම බිහි වෙනවා. ලොකු පක්ෂවලට විතරක් බලය තිබෙන රටක ඕනෙම දුෂණයක් කොට ගැලවීමේ මග හදාගතහැකි. භයානක තීරණයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1573 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1368 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site