IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘සේනා‘ යළිත් රජරටට

(කාංචන කුමාර ආරියදාස)
 
සේනා දළඹු විශේෂය නැවත වරක් රජරට ප්‍රදේශයේ ගොවි බිම්වල ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හොරිවිල ප්‍රදේශයේ ගොවීහු කියති.
 
මේ දිනවල පලුගස්වැව හොරිවිල ප්‍රදේශයේ රටකජු වගාවේ ලොකුලූනූ වගාවේ බඩඉරිගු සහ කව්පි වගාව හි   දළඹුවන් වීශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ගොවීහු පෙන්වා දෙති.
 
පසුගිය වසරේ සේනා දළඹු මර්දනය වීමෙන් පසු දිවයිනේ කිසිම ප්‍රදේශයක සේනා දළඹුවන් ව්‍යාප්ත වීමේ තත්ත්වයක් වාර්තා නොවුණු අතර   මෙම  වසරේ පළමු වතාවට සේනා දළඹු ව්‍යාප්තිය හොරිවිල ප්‍රදේශයෙන් වාර්තා වීම විශේෂත්වයකි.
 
 
එමෙන්ම හොරිවිල ප්‍රදේශයේ ගොවීන් කියා සිටින්නේ මීට පෙර කවුපි වගාවේ සහ විශේෂයෙන් රටකජු වගාවේ සේනා දළඹුවන් දක්නට  නොතිබූ බව ය. ප්‍රදේශයේ රටකජු අස්වැන්න නෙලන සහ අස්වැන්න මෝරන සමය පවතින බවත් රටකජු ශාකවල පත්‍ර සහ කඳ සම්පූර්ණයෙන්ම මෙම දළඹුවන් ආහාරයට ගන්නා බව ගොවීන් පෙන්වා දෙති.
 
 
එමෙන්ම තවදුරටත් ගොවීන් කියා සිටින්නේ සේනා  දළඹුවන්ට  අමතරව තවත් පණු විශේෂ කිහිපයක් ම තම වගා බිම් වල විශාල වශයෙන් දිනෙන් දින ව්‍යාප්ත වෙමින් පවතින 
බවය. ලොකු ළූණු වගාවේ පත්‍රවල ද ඊට අමතරව බඩඉරිඟු වගාවේ සහ වී වගාව ද තැනින් තැන මෙම දළඹු විශේෂය ව්‍යාප්ත වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති.
පසුගිය වසරවල ද  මෙම   ප්‍රදේශයේ අක්කර 3000 කට අධික භූමි ප්‍රමාණයක් සේනා දළඹු හානියෙන්  විනාශයට පත්වූ බවත් එම වගා හානි සඳහා වන්දි ලබා දෙන බවට ප්‍රකාශ කළද මෙතෙක් එවැනි වන්දියක් හෝ නොලැබුණු බව ගොවීහු චෝදනා කරති .
 
කෙසේ වෙතත්   මෙම දළඹු විශේෂය ව්‍යාප්ත වීමට පෙර කඩිනමින් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නැයි ගොවීහු කෘෂිකර්ම බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටිති.
 
මෙවර පැවැති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ ගොවීන් බඩඉරිඟු වගාව අත්හැර රටකජු සහ කව්පි වැනි වෙනත් ධාන්‍ය වර්ග වගා කිරීමට පෙළඹීම විශේෂත්වයකි. බොහෝදුරට සේනා දළඹු හානිය නිසා බඩ ඉරිගු වගාව අත්හැරීම ද විශේෂත්වයකි. 
 
මේ පිළිබධව කෘෂිකර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනුර විජේතුංග මහතා ගෙන් විමසීමේදී කිවේ ඉදිරි කන්න වලද මෙය පැතිර යාමේ අවධානමක් පවතින බවද පාලනය කිරීමට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි .

 



අදහස් (1)

‘සේනා‘ යළිත් රජරටට

Kumar Sunday, 25 August 2019 05:45 PM

කැලිෆෝර්නියාවේ මේ උවදුරට අපේ ගෙවතුවල ඉතා සාර්ථකව යොදන්නේ "නීම් ඔයිල්" කියා විකුණන කොහොබ තෙල්.. කොහොඹ තෙල් වතුර සමග මිශ්‍රකර ඉසින යන්ත්‍රයකින් ඉසීමෙන් මේ උවදුර මග හැරෙනවා. කොහොබ තෙල් වල ඇති දුගඳ හැරුනවිට ශරීරයට අහිත කරදෙයක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site