
(පැතුම් දර්ශන)
හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට පහරදී සභාපතිවරයාට අයත් නිල රථය ඇතුළු සභාවේ කාර්යයන් සඳහා යොදාගත් තවත් කැබ් රථයකට ද අලාභානි සිදු කර පලා ගිය පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි.
හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවට අයත් මරදන්කඩවල, නීල හරිත උද්‍යානයෙ පිහිටි නේවාසික පහසුකම් සපයන ස්ථානයකදී ඊයෙ(26) රාත්‍රී 10.30 ට පමණ මෙම පහර දීම සිදුකර ඇති අතර පහර කෑමෙන් තුවාල ලබා ඇත්තේ හොරොව්පොතාන මරදන් කඩවල ඡන්ද කොට්ඨාශය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකි. පහරදීමෙන් කැබ් රථ වල ඉදිරිපස සහ පැති කණ්නාඩි වලට ද බරපතළ හානි සිදු ව තිබේ.
හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවෙ 2021 වර්ෂය සඳහා වන අයවැය පැවැති සභා රැස්වීමට සභාපතිවරයා විසින් ඉදිරිපත් කර අද (27) උදෑසන 10.00 දක්වා රැස්වීම අඩාළව කල් තැබිණි.
ඒ හේතුවෙන් ප්‍රාදේශීය සභාවේ වැඩබලන ලේකම්වරයා පසුදා උදෑසන සභා රැස්වීමට සහභාගී වීම සඳහා නීලහරිත උද්‍යානයේ පිහිටි කාමරයක නවාතැන්ගෙන සිට ඇති බව පොලීසිය කියයි.
පසුව ප්‍රාදේශීය සභාවේ සභාපති චාරික උදයංග විජේරත්න මහතා සහ පහරකෑමට ලක්වූ බව කියන මන්ත්‍රීවරයාද සභාපතිවරයාගෙ නිල රථයෙන් සභා ලේකම්වරයා මුණ ගැසීමට නීලහරිත උද්‍යානයට ගොස් තිබේ.
පොලිසිය පවසන්නේ ඒ මොහොතේ බාහිරින් පැමිණි කිසියම් පිරිසක් මෙම පාර දීම සිදුකර ඇති බව ය.
පහරකෑමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා ඒ මොහොතේම හොරොව්පොතාන රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහුගෙ තත්ත්වය බරපතළ නොවූ නිසා ප්‍රතිකාර ලැබීමෙන් පසු අද (27) උදෑසන පිටව ගොස් තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයාගෙන්, ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාගෙන් සහ රියදුරන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශන සටහන් කරගෙන ඇති පොලිසිය අලාභ හානියට ලක්වු කැබ් රථ දෙක ද සිය බාරයට ගෙන තිබේ.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජයරත්න මහතාගේ උපදෙස් මත පොලීසිය විසින් ඉදිරි පරීක්ෂණ සිදු කරති.

2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොරොව්පොතාන ප්‍රා. සභාපතිගේ නිල රථයට පහර දෙයි