IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සෞඛ්‍ය සේවයකයා හැඳුනුම්පත යොදාගෙන ගංජා ඇදලා

(දිලීප් ජයසේකර)
 
සිය සේවා හැදුනුම්පත භාවිතා කරමින් තණමල්විල සිට මාතරට කලක් තිස්සේ ගංජා ප්‍රවාහනය කිරීමේ ජාවාරමක නිරත වු මාතර සෞඛ්‍ය වෛද්‍යනිළධාරී කාර්යාලයේ සේවකයෙකු ඇතුලු තිදෙනෙකු කාර් රථයක් සමඟ ලුණුගම්වෙහෙර පොලිසියේ අපරාධ අංශයේ හා දුෂණ මර්ධන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ සේවයේ නියුතු බව කියන මාතර තෙලිජ්ජවිල පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු,සමගි ජන බලවේගයේ දෙණියාය ආසනයේ පළාත් සභා මංත්‍රිවරයෙකුගේ පුද්ගලික රියෙදුරෙකු බව කියන මාතර තෙලිජ්ජවිල පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු හා ලුණුගම්වෙහෙර උනාතුවැව පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.
 
සැකකරුවන් පිළිබදව ලුණුගම්වෙහෙර පොලිසියට ලද තොරතුරකට අනුව ලුණුගම්වෙහෙර අපරාධ අංශයේ නිළධාරීන් පිරිසක් විසින් ලුණුගම්වෙහෙර උනාතුවැව ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මාතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ සේවයේ නියුතු 33 හැවිරිදි පුද්ගලයා  සහ සමගි ජන බලවේගයේ දෙණියාය ආසනයේ පළාත් සභා මංත්‍රිවරයෙකුගේ පුද්ගලික රියෙදුරෙකු වන 31 හැවිරිදි පුද්ගලයා වියළි ගංජා  ග්‍රෑම් 400ක් කාර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී ලුණුගම්වෙහෙර උනාතුවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (0)

සෞඛ්‍ය සේවයකයා හැඳුනුම්පත යොදාගෙන ගංජා ඇදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site