(සිතුම් චතුරංග)
මුලතිව් ,පුදුකුඩිඉරිප්පු, සුගන්දිරපුරම් හි ඉඩමකතිබී මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානය තෙවැනි දිනටත් සිදුකළ කැණීම් වලදී මිනිස් හිස් කබලක් ඇතුළු අස්ථි කොටස් කිහිපයක් අද (29) සොයාගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය පවසයි.
මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.ඉලන්ගෝවන් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ පොලිස් අපරාධ ස්ථාන විමර්ශන නිලධාරීන් කැනීම් ආරම්භ කරනු ලැබූ අතර එහිදී ඇදුමක කොටස් කිහිපයක් , ගෙල පළදින නූලක්, සුරයක් ඇතුළු ද්‍රව්‍ය කිහිපයක්ද හමුව තිබේ.
කැනීම් කටයුතු හෙට (30) සිව්වන දිනටත් සිදුකරන බවත් අදාළ ස්ථානය තුළ තවත් අස්ථි කොටස් කිහිපයක් මතුපිටට පෙනෙන්නට ඇති බවත් මුලතිව් පොලිසිය පවසයි.
අස්ථි කොටස් සම්බන්ධයෙන් මෙතෙක් නිගමනයකට එළඹි නොහැකි බවත් සිදුකරන විමර්ශනවලින් අනතුරුව ඒ පිළිබඳ නිශ්චිත අර්ථ දැක්වීමක් සිදුකළ හැකි බවද මුලතිව් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මුලතිව් පුදකුඩිඉරිප්පු, සුගන්ධිපුරම් එස්.නගුලේශ්වරන් නැමැත්තෙකු සිය වගාවන් වෙනුවෙන් ඉඩම සකස් කිරීමේදී එහ ඉඩමේ ගසක් පාමුල තිබි ඔක්තෝම්බර් මස 20 වැනිදා අස්ථි කොටස් කිහිපයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග මත කැනීම් කටයුතු සිදුකෙරිණ.
මුලතිව් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, පුදුකුඩිඉරිප්පු පොලිස් නිලධාරීන්, පුරාවිද්‍ය නිලධාරීන් ඇතුළු නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ අදාළ ස්ථානය කැනීම් තවදුරටත් සිදුකරන බවද පොලිසිය පැවසීය.
අදාළ ස්ථානයෙන් විවිධ ප්‍රමාණයේ අස්ථි කොටස් කිහිපයක් හමුව ඇති අතර අදාළ අස්ථි වෝහාරික පරීක්ෂණ වෙනුවෙන් යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කොට තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සුගන්දිරපුරම් ප්‍රදේශයෙන් තවත් අස්ථි කොටස් හමුවෙයි