
(ගල්ගමුව නිහාල් ජයවීර )
ගල්ගමුව ,පාළුකඩවල වැව් ඉස්මත්තේ සිදු කරන්නේ යැයි කියන වන විනාශයට විරෝධය පා නිහඩ උද්ඝෝෂණයක් පාළුකඩවල වැව් බැම්ම මත පැවැත්විණ.
පරිසර සංවිධාන එකමුතුව හා සමාජවාදී තරුණ සංගමය ඇතුළු ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන එක්ව මේ උද්ඝෝෂණය සංවිධානය කොට තිබුණි .
"මතු පරපුරට වින කටින පරිසර විනාශය නවතනු ", "රටට ආදායම් ගෙනෙන අලි සම්පත රැක ගනිමු " ," කැලේ බදු දෙයි.අලි ගම් වදිති " , " ගල්ගමුව ජනතාව නිහඩ නෑ" , " වැවක ජීවය වැව් ඉස්මත්තයි."," ඔක්සිජන් නැතිව මැරිලා පාංශුකූලේ මොකටද ." ආදි සටන් පාඨ සහිත පෝස්ටර් ප්‍රදර්ශනය කෙරිණි.
මේ උද්ඝෝෂණයට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පරිසරවේදීහු ,ස්වෙච්ඡා සංවිධානවල නියොජිතයෝ, පාළුකඩවල ඇතුළු ගම්මානවල ජනතාව සහභාගි වූහ .

2025 දෙසැම්බර් මස 04
114
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
360
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
373
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වන විනාශය එපා පාළුකඩවල ගැමියෝ පාරට බසිති
69lakshaya Monday, 15 March 2021 03:53 AM
කැලෑ කපන්නෙ නැතුව පාරවල් හදලා හෝටල් හදලා රට දියුණූ කරන්න බෑ කියලා මේ අයට තෙරෙන්නැ
දිමුත් Monday, 15 March 2021 05:18 AM
ඉතින් සෞභාග්‍යට ඡන්දෙ දුන්නා නේද?