IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රථ ගාලක දින 4 ක් නවතා තිබූ යතුරුපැදියක් සමඟ සැකකරුවන් 2 ක් අත් අඩංගුවට

(ජයරත්න වික්‍රමාරච්චි)

සාලියවැව අලුත්ගම මංසන්ධියේ දේවස්ථානයට යාබද රථ ගාලක දින 4ක සිට නවතා තිබූ බව කියන යතුරුපැදියක් රැගෙන යාමට අද (24) සවස පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු එම යතුරු පැදියද සමඟ අත් අඩංගුවට ගත් බව සාලියවැව පොලිසිය කියයි.

මෙම යතුරුපැදිය ඉකුත් 20 දින අදාළ රථ ගාලේ අවසරපතක් රැගෙන නවතා ඇති බවත් නමුත් දින 4ක් ගත වී ගියද එය ආපසු රැගෙන යාමට නොපැමිණී බවට ලද තොරතුරකට අනුව ඒ පිළිබදව විමර්ශන සිදුකරමින් පවතින අතුරතුර යතුරුපැදිය රැගෙන යාමට පැමිණි අදාළ පුද්ගලයන් දෙදෙනා සමඟ එම යතුරුපැදිය ද මෙසේ අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් සැකරුවන් දෙදෙනා පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිසිය කියයි.

 



අදහස් (0)

රථ ගාලක දින 4 ක් නවතා තිබූ යතුරුපැදියක් සමඟ සැකකරුවන් 2 ක් අත් අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site