(අශෝක තිලකරත්න)
අම්බලන්තොට නගරයේදී අද (08) අලුයම 2.00ට පමණ මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් යතුරුපැදිකරු මරණයට පත්වී ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසයි.
මියගොස් ඇති යතුරුපැදිකරුගේ සිරුර මේ වනවිට හම්බන්තොට මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර ඔහු මෙතෙක් හඳුනා ගෙන නැතැයි ද පොලිසිය කීය.
මෙම අනතුරට අදාල මෝටර් රථය සහ එහි රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අම්බලන්තොට පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd