(ඩයනා උදයංගනී)
යල කන්නයේ වී වගා කටයුතු ආරම්භ වී තිබීමත්, රට පුරා පුරන් කුඹුරු අස්වැද්දීමට ඇති නැඹුරුවත් හේතුවෙන් මී උණ රෝගය ව්‍යාප්තවීමේ ඉහළ අවදානමක් පවතින බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම මේ දිනවල පවතින වැසි තත්ත්වය නිසාත් මෙම රෝගය ව්‍යාප්ත විය හැකි බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මී උණ රෝගය බැක්ටීරියාවක් මගින් ඇතිවන අතර එය මීයන්, ඌරු මීයන්, ගවයන් වැනි සතුන්ට ආසාදනය වී ඔවුන්ගේ මුත්‍රා සමඟ පරිසරයට නිදහස්ව දිය කඩිති, කුඹුරු ආදියේ වර්ධනය වෙමින් මිනිස් ශරීරයේ තුවාල හරහා ශරීරගත වන බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
තද උණ, මස්පිඬුවල (විශේෂයෙන්ම බත් කෙණ්ඩ හා කොන්දේ) තදබල වේදනාව, ඇස් රතු පැහැවීම, වමනය, හිසරදය, මුත්‍රා තද පැහැයක් ගැනීම හා මුත්‍රා පිටවීම අඩුවීම මෙහි රෝග ලක්‍ෂණ වේ.
කුඹුරු ආශ්‍රිත මීයන් ගහණය පාලනය කිරීම, ජලය එක්රැස්වන ස්ථාන අවම කිරීම, තුවාල ජලය ඇතුළු නොවන සේ ආවරණය කරගැනීම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මී උණ බහුල ප්‍රදේශවල කුඹුරු ගොවිතැන් කරන්නන් වෙනුවෙන් ලබාදෙන ඖෂධය ලබාගෙන සතියකට වරක් පානය කිරීම මගින් මෙම රෝගය වළක්වා ගත හැකි බව එම නිවේදනයේ දැක්වේ.
ප්‍රතිකාර ලබාගැනීම පමාවීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට බලපෑම් ඇතිවී මරණයට පත්වීමට පවා ඉඩ ඇති බැවින් රෝග ලක්‍ෂණ ඇත්නම් වහාම රජයේ රෝහලකට හෝ වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබාගත යුතු බව ද එහි සඳහන් වේ.
විශේෂයෙන් පුරන් කුඹුරක කටයුතු කරන්නේ නම් රෝගය වැළඳීමේ අධි අවදානමක් ඇති නිසා එවන් කටයුතුවල නිරත අය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හමුවී උපදෙස් ලබාගැනීම වැදගත් බව ද සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 18
84
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
939
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මී උණ රෝගය පැතිරීමේ අවදානමක්