IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මැතිවරණ අපේක්ෂකයෙකුට අයත් ලී මෝලකින් තේක්ක දැව සමඟ 7ක් අත්අඩංගුවට

(නයනජීව බණ්ඩාර)

මඩකලපුව එරාවුර් පුන්නකුඩා මාර්ගයේ ඇති, මෙවර මහමැතිවරණය සඳහා ස්වාධීන පක්ෂයකින් තරග වදින අපේක්ෂකයකුට අයත් ලී මෝලකදි තේක්ක දැව තොගයක්, කැබ් රථයක් සමග සැකකරුවන් 7දෙනෙකු අද(07) අලුයම අත්අඩංගුවට ගත් බව මඩකලපුව වන නිලධාරිහු පැවසූහ.

අත්අඩංගුවට පත් සැකකරුවන් එරාවුර් හා පුන්නකුඩා යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25ත් 35ත් අතර පසුවන පිරිසකි.

වන නිලධාරින් මෙම වැටලීම කරන මොහොතේ මෙම දැවමඩුවේ හිමිකරු වන, මෙවර මහමැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායමකින් තරගවදින අපේක්ෂකයා නොසිට ඇති අතර, ඔහු මෙම දැවමඩුව එරාවුර් ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් බදු පදනම මත රැගෙන කරවන කෙනෙකු බව අනාවරණය වී තිබේ.

මඩකලපුව දිසාවන නිලධාරි ප්‍රනීත් සුරවීර මහතාට ලැබුනු තොරතුරකට අනුව මෙම වැටලීම කර තිබේ.

වැටලීම සිදුකරන විට සැකකරුවන් ලී මෝලට කැබ්රථයක දැව රැගෙනවිත් ඒවා ඉරමින් සිටිබවත්, එම නීතිවිරෝධී දැවවලින් කොටසක් ඒවා රැගෙන එන ලද කැබ් රථයේ තිබු බවත් වන නිලධාරීහු කීහ.

සැකකරුවන් අද(07) එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරිමට නියමිතය.



අදහස් (0)

මැතිවරණ අපේක්ෂකයෙකුට අයත් ලී මෝලකින් තේක්ක දැව සමඟ 7ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site