

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ විජයපාල විද්‍යාලය වෙත පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට ඇතුළුවීම අවහිර කරමින් පොලිසිය විසින් පිවිසුම් මාර්ගය වසා දැමීමට එරෙහිව විරෝධතාවක් අද(16) මාතලේ නුගගහමුල බස් නැවතුම්පළ ඉදිරිපිටදී පැවැත්විණි.
පාසල වෙත කුමාරවිදීය දෙසින් ඇතුළුවීමට ඇති මාර්ගය අවහිර කර ගේට්ටුවක් දැමීමෙන් 2500ක් පමණ වු පාසල් සිසුන්ට කිලෝමීටරයකට වැඩිදුරක් අමතරව ගමන් කිරීමට සිදු වන බවද, කොරෝනා තත්වය හේතුවෙන් පාසල් වසා තිබියදී පොලිස් නිල නිවාස අසලින් විද්‍යාලයට යාමට ඇති එම මාර්ගය අවහිර කර ගේට්ටුවක් යොදා ඇති බවද, වහාම එය ඉවත්කරන ලෙසද ඉල්ලා විරෝධතාව පැවැත්වුණි.
විරෝධතාව දෙමාපියන්, ආදි සිසුන් හා ගුරු මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී.
විරෝධතාවට මාතලේ ප්‍රාදේශීය සභා සභාපති කපිල බණ්ඩාර තෙන්නකෝන් මහතාද එක්ව සිටි අතර ඔහු මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා වෙත දුරකතනයෙන් අමතා ඇතිව ඇති තත්වය පිළිබදව පැහැදිලි කළේය.
අනතුරුව එම මාර්ගය විවෘත කිරීමට කටයුතු කරන ලෙස පොලිසිය වෙත දැන්වූ අතර, මාර්ගය විවර කෙරුණි. ඒ සමගම රැස්ව සිටි පිරිස විසිර ගියහ.
2025 දෙසැම්බර් මස 04
66
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
353
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
365
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාතලේ පාසලකට පිවිසෙන මාර්ගය වැසූවැයි විරෝධතාවක්