IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


මහියංගන ප්‍රා.සභාවේ මන්ත්‍රීවරයෙකුට එරෙහිව විරෝධතාවයක්

(රංජිත් කරුණාවිර)

මහියංගන ප්‍රාදේශීය සභාවේ සභාවාරය අද (21) යෙදි තිබුණ අතර ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙක් රැකියා ලබාදෙන බවට පොරොන්දු වී මුදල් වංචා කර ඇති බවත් කාන්තාවන් විශාල ප්‍රමාණයක් රවටා අයුතු ප්‍රයෝජන ලබාගෙන ඇති බවත් චෝදනා කරමින් ගම්වාසිහු පිරිසක් සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරතවූහ.

චෝදනා ලැබූ මන්ත්‍රීවරයා සභාවාරය සඳහා පැයක් පමණ ප්‍රමාද වී පැමිණියේ සභාව ඉදිරිපිට ඔහුට විරුද්ධව පිරිසක් විරෝධතාවයේ නිරතවීම හේතුවෙනි.

සභාවාරයේදී එම පිරිස මහජන ගැලරියට පැමිණ  චෝදනා ලැබූ මන්ත්‍රීවරයාට එරෙහිව පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවයක නිරත වූහ.

විරෝධතාවයේ නිරත පිරිස සභාවාරය ආරම්භයට ප්‍රථම මන්ත්‍රීවරයාගේ වංචාවන් පිළිබඳ සභාපති කරූ වීරරත්න මහාතා හා මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කළේය.

එසේම එම සභාවේ  ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ගිරාදුරුකෝට්ට කොට්ඨාශයේ මන්ත්‍රිනී කේ.එම් පත්මලතා මැණිකේ මත්මියගේ සහෝදරයාටද එම මන්ත්‍රීවරයා වැලි තොටුපොළක් ලබාදෙන බවට පවසමින් මුදල් වංචා කර ඇති බවට එම මන්ත්‍රීවරියද චෝදනා එල්ල කළාය.

ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන්ගේ මෙවන් දූෂණ වංචාවන් හේතුවෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී තනතුරුද අපකිර්තියකට ලක්වන බව පවසමින් සභාවේ වාද විවාද ඇති වී සභාවාරයද උණූසුම් විය.

සභාවාරය ආරම්භකර පැයකට පමණ පසු චෝදනා ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයා පැමිණ සභාවාරයට සහාභාගී වූ අතර සභාව තුළට මහියංගන පොලිසියේ ආරක්ෂාවද යොදවා තිබුණි.

මුදල් වංචා කළ බවට චෝදනා ලැබූ මන්ත්‍රීවරයා සභාවේ කටයුතු අවසන් වීමෙන් පසුව පොලිස් ආරක්ෂාව යටතේ පිටව ගිය අතර මන්ත්‍රීවරයා මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ එම වංචාවන්ට තමන් සම්බන්ධ නොමැති බවත් තමාට මඩ ගැසීමට චෝදනා එල්ල කරන බවත් ඒ සම්බන්ධයෙන් තමන් නීතිමය පියවර ගන්නා බවත්ය.

 



අදහස් (1)

මහියංගන ප්‍රා.සභාවේ මන්ත්‍රීවරයෙකුට එරෙහිව විරෝධතාවයක්

raajun Thursday, 21 March 2019 10:26 PM

මේ හාදයාගේ නම පොඩ්ඩක් දාන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 171 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 240 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1113 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site