IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොසොන් සමයේ පොළොන්නරුවේ ආරක්‍ෂාවට පොලිසියේ 1500 ක්

(ක.ග.කරුණාරත්න)

මෙවර පොසොන් සමයේ පොලොන්නරුවට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්‍ෂාව සඳහා පොලිසියේ 1500 ක පිරිසක් රාජකාරී සඳහා යොදවන බව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධම්මික වීරසේකර මහතා පැවසීය.

වෙසක් පොහෝ දිනයේ ක‍්‍රියාත්මක කළ ආකාරයටම ඵෙතිහාසික ගල් විහාරය, සෝමාවතිය පුදබිම, දිඹුලාගල ආරණ්‍ය සේනාසනය, මැදිරිගිරිය වටදාගෙය ඇතුළු සියලු පූජනීය ස්ථාන ආවරණය වන පරිදි විශේෂ ආරක්‍ෂක වැඩපිළිලෙක් මෙවරද යොදවන බව ඒ මහතා කීය.

පොසොන් උත්සව සමයේ වන්දනාවේ පැමිණෙන බැතිමතුන් දිය නෑම සඳහා වැඩි වශයෙන් භාවිතා කරන ප‍්‍රධාන වාරි ජලාශ වන පොළොන්නරුව පරාක‍්‍රම පසමුද්‍රය, මීන්නේරිය සහ ගිරිතලේ යන වැවි සඳහාද විශේෂ පොලිස් ආරක්‍ෂාවක් යෙදවීමට සැළසුම් කර ඇතැයිද පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.

මේ අතර වැව්වල දිය නෑමේදී ආරක්‍ෂා සහිත ස්ථාන හැර වෙනත් ස්ථානවල දිය නෑමෙන් වළකින ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.



අදහස් (1)

පොසොන් සමයේ පොළොන්නරුවේ ආරක්‍ෂාවට පොලිසියේ 1500 ක්

A.k R Premarathne Friday, 14 June 2019 10:32 AM

හොඳයි ආරක්ෂාව තරකිරීම ගැන නම් සතුටුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site