
(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයා තනතුරින් නෙරපා හරින ලෙස ඉල්ලමින්, කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බළ ප්‍රදේශයේ ජනතාව අද (22 )දින කල්පිටිය නගරයට එක්ව උද්ඝෝෂණයක නිරත වූහ.
මීට ආසන්නම හේතුව ලෙස එම කාර්‍යාලයේ සේවයේ නිරත, ග්‍රාම නිළධාරිනියකට දුරකථනයෙන් වාචිකව ලිංගික අතවර කිරීමේ චෝදනාවක් ඇතුලු ප්‍රාදේශීය ලේකම්වරයාගේ විවිධ අකටයුතුකම් ඇති බවට ඔවුහූ චෝදනා නැගූ හ.
මේ වන විට, කල්පිටිය ප්‍රාදේශීය ලේකම් වරයා, පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයෙ අපරාධ නඩුවක සැකකරුවෙකු වශයෙන් ඇප මත පසු වෙන්නෙකි.
මෙම අවස්ථාවට කල්පිටිය කන්ද කුලිය සමුද්‍රාසන්න විහාරස්ථානයේ විහාරාධිපති බැදි වැව දියසේන හිමියන් ඇතුලු,ප්‍රදේශවාසී ජනතාව ද සහහාගී වී සිටිය හ. මීට සමගාමීව නගරයේ සියලු කඩ සාප්පු වසා දමා තිබිණි.
මෙම අවස්ථාව අධීක්ෂණයට පැමිණ සිටි කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී උදාර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ නිරෝධායනයක් රටේ ක්‍රියාත්මක වන මෙවැනි අවදානම් සමයක,ජනතාව ඒක රාශී කිරීමේ දී, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලය දැනුවත් කළ යුතු වුව ද එවැන්නක් සිදු නොකිරීම පිළිබදව සිය අප්‍රසාදය පළකරණ බව ය.
කල්පිටිය සහකාර පොලිස් අධිකාරී දුමාල් වීර සිංහ ඇතුලු කල්පිටිය පොලිසිය විශේ මුර සංචාරක් ද යොදා තිබිණි.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.