IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


පවුල් 85 ක් පහළ යාං ඔයට යටවීමේ අවදානමක්

(පැතුම් දර්ශන)

මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ පහළ යාංඔය ජලාශයට මායිම්ව පිහිටි තම නිවාස හා ඉඩම් යටවීමේ දැඩි අවදානමක් මතුව ඇති බව මාවතවැව, අලියාකඩ, වාගොල්ලාකඩ යන ගම්මානවල ජනතාව පවසති.

ජලාශය ඉදිකිරීමේ දී ලකුණු කළ මායිම් කණු පසුකරමින් මීටර් 200 ක් පමණ ගම්මාන ඇතුළට ජලය පිරී ඇති බවත් ඒ හේතුවෙන් නිවාසවල රැඳී සිටීම ද අවධානම් සහගත බව ඔවුහු කියති. ගම්මාන තුනකට අයත් පවුල් 85ක් පමණ මෙම අවදානමට මුහුණ දී සිටී.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අලියාකඩ පදිංචි රන්දිමා දමයන්ති මහත්මිය මෙසේ කීවාය.

"වතුර අල්ලනවා කියලා තිබුණ මායිම් ගල් පහුකරලා දැන් වතුර ගම ඇතුළට ඇවිල්ලා. දවසින් දවස ජල ප්‍රමාණය වැඩි වෙනවා. රැස්වීම් තියලා අපිට වගා කරන්න කියපු කුඹුරු ඉඩම් අපි වගා කරා. දැන් මේ කුඹුරුවලින් අක්කර හැටක් මේ වෙනකොට වතුරට යටවෙලා. ඒ කුඹුරු යට වෙන්නේ නැහැ කියලා කියපු නිසයි අපි වගා කළේ.

මාවතවැව ගම්මානයෙ පවුල් තිහක් සහ අනු පවුල් 42 ක් ඉන්නවා. ඒ අයට ඉවත්වෙන්න කියලා නෑ. වන්දි කිසිම දෙයක් දීලත් නෑ. දවසින් දවසට වතුර ප්‍රමාණය වැඩි නිසා රාත්‍රී කාලයේ ඒ අයට ගෙවල්වල ඉන්න බයයි. උදේ ඇහැරිලා බලනකොට ගෙවල් යටවෙලා තියෙයි කියලා මිනිස්සු බයෙන් ඉන්නේ. අපි මේ ගැන හැම තැනටම දැනුම් දුන්නා. නමුත් කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. මිනිස්සු අසරණ වෙලා ඉන්නේ. 

කිරි ගවයන්ගෙන් ජීවත්වුණ ගොඩක් මිනිස්සු අද අසරණ වෙලා. ගවයන්ට කන්න තණකොළ ගහක් හොයාගන්න නෑ. වාගොල්ලාකඩ ගමේ පවුල් 15 ක් යට වීමේ අවදානමෙන් ඉන්නේ. ඒ අයගෙ ගෙවල් වල මිදුලේ වතුර. අද වුණත් කියන්න බෑ ගෙවල් යට වෙයිද කියලා. එනිසා මේ ගැන හරි හමන් තීරණයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා." 

ජනතාවගේ මෙම චෝදනාව සම්බන්ධයෙන් පහළ  යාංඔය  ව්‍යාපෘති අධ්‍යක්ෂ උදය හේමකුමාර මහතාගෙන්   අප කළ විමසීමේදී මෙසේ කීය.

" අපි මායිම් කරල තිබුණේ මුහුදු මට්ටමේ ඉඳලා මිටර් තිස්හයකට. නමුත් වැස්ස උපරිමෙන් ආවා. වසර දාහකට පස්සෙ ලැබුණ වර්ෂාවක් කියලයි මෙ වර්ෂාව සලකන්නේ. එහෙමයි දැනට ගණනය කරලා තියෙන්නේ.අපි වාන් දොරටු පහම සම්පූර්ණයෙන්ම දැන් ඇරලා තියෙන්නේ මීටරයක් උසට. අතිරේක වානක් හදලා තියෙනවා ඒකත් අපි කපල ඉවත් කළා. මේ වෙනකොට වතුර මට්ටම ගොඩක් අඩු වෙලා තියෙනවා. එනිසා බියක් ඇති කරගත යුතු නැහැ. අක්කර අඩි 175,000 ජල ධාරිතාවයක් ජලාශෙය් තියනවා. යැයි අධ්‍යක්ෂකවරයා පැවසීය.



අදහස් (0)

පවුල් 85 ක් පහළ යාං ඔයට යටවීමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 386 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2169 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site