
(විනීතා එම්. ගමගේ)
පරිසර හානි පිළිබඳ දැනුම් දීම සඳහා පරිසර අමාත්‍යංශය නව දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.
ඍජු දුරකථන අංක තුනක් හා ජංගම දුරකථන අංකයක් මෙසේ හඳුන්වා දී ඇත.
1991 -පරිසර අමාත්‍යංශය සඳහා
1981- මධ්‍යම පරිසර අධිකාරිය සඳහා
1921 -භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සඳහා
හඳුන්වා දී ඇති අතර අමාත්‍යවරයාගේ පුද්ගලික දුරකථන අංකය වන 0707555666 අංකය වට්ස් ඇප් පණිවුඩ කෙටි පණිවිඩ හෝ වීඩියෝ එවීම සඳහා හඳුන්වා දී තිබේ.
දිවයිනේ ඕනෑම ස්ථානයක පරිසර විනාශයක් වුවහොත් නව අංක ඔස්සේ අමතා දැනුම් දෙන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් අද(15) ඉල්ලීමක් කළේය.
කවර තරාතිරමක අයෙක් වුව ද පරිසර විනාශයක් කරන්නේ නම් තමන් මෙන්ම රජයද ගත හැකි ඉහළම ක්‍රියාමාර්ගය ගන්නේ යැයි කී අමාත්‍යවරයා පරිසර හානිවලට එරෙහිව දැඩි දඬුවම් පැමිණවීම සඳහා ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීම සඳහා නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ද කීය.
මේ වනවිට වාර්තා වී ඇති සැබෑ පරිසර හානි 5ක් වන බවත් ඒවාට එරෙහිව රජය නීතිය ක්‍රියාත්මක කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
කාලයක් වගා නොකර තිබු ඉඩම් වගා කිරීම සඳහා හෙළි පෙහෙළි කරන අවස්ථාවන්හි දී කැලෑ කපන බවට චෝදනා එල්ල වන බවත් මෙවැනි සිද්ධීන් විශාල ගණනක් පසුගිය සමයේ වාර්තා වු බවත් ඔහු කියා සිටියේය.
විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් විසින් මාධ්‍ය හමුවල දී පරිසර විනාශයන් ලෙස හුවා දැක්වූ සමහර කරුණු හැකිනම් ඔප්පු කර පෙන්වන්නැයි හෙතෙම අභියෝගයක් ද කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චරකල් දැනුම්දෙන්න දුරකථන අංකයක් නැතිව තිබ්බ හින්දා වෙන්න ඇති කැලෑ එළි කරද්දී උඩ බලන් හිටියේ.
අපරාදේ කලින් දැනං හිටියනං සිංහරාජෙ කපද්දී කියන්න තිබුණා.
දැන් මේ නොම්බරේට කතා කරලා කියන්නත් ඕනද.?